Monday, May 29, 2017





ආදරයේ මරණය 

සංස්කෘතිය..., 
තිඹිරිගෙයි සිට 
සුසානය තෙක් 
යදමි බැමි වලින් සිර කොට 
සදාචාරය නමි වූ කමිබි වැටින් 
සීමා මායිමි පැනවූ 
මානුෂීය හැඟීමි වල 
මරණයයි 
ආදරය...., 

සංස්කෘතියේ ගිනි යදමි මැද 
අතරමං වූ හැඟුමි එකිනෙක 
නිසොල්මං ව, 
ඉකි බිදින හදවතින් 
අංදකාරයට ගැයෙන 
සෙනෙහස් කවියකි.

-නිමේෂා ගමගේ-


                             







වැස්ස......


චුචුරු චුරු චුරු හඬින්
උදේ සිට මහ වැස්ස
මොනවදෝ කියයි මට 
සිහින් සුලඟක එතී
“නියන් කල දුරු වෙලා”
වසන්තය ඇරඹිලා”


දේ දුන්න හේදිලා
වැහි බිංදු වැටෙනවා 
ගෙම්බන්ගේ බක බකෙත් 
අද ඔන්න ඇහෙනවා


නටන්නට සිතෙයි මට
පුංචි දිය කඩිති වල
සිඟිති දරු කැල සෙමෙන්
ඇදෙයි වැහි පීලි වෙත


වැහිලිහිණි හඬ ඇසෙයි
හාත්පස නිරතුරුව
ගස් වැලුත් සිනාසෙයි
සිරි සිසිරි නංවමින්


කූබි රෑනක් හනික 
දිව යනවා ගුල් වෙතට 
කිචි බිචිය අමතකයි 
කුරුළු පැටවුන්ට අද.


-නිමේෂා ගමගේ-







වැස්ස.....


මුදා ගිමන්පත්
මිහිලිය තෙත් කරන
මහ වැසි ඇඳ හැලෙන
වැව් අමුණු සොම්නසින්
උතුරුවයි මදහසින

උදා හිරු රශ්මියේ
චණ්ඩ බල බිඳ හෙලා
අලුත් වැහි කුමරුගේ
තේජ බල වැඩි වෙලා

අලුත් වසන්තය සෙමින්
ගම් දොරින් ලොව බලා
හාත් පස දෙපස ඇත
නැවුම් හැඟුමන්  විදා.....



-නිමේෂා ගමගේ-











වැස්ස....  

වස්සානයට අත වනන
මේ සුන්දර සුයාමය
ඔබත් එක්ක සීතලට
ගුලිවෙන්න අවසරද මට
කවුරුත් නැති පාළුව
දැනුණි මේ ඝණ අඳුරේ
ඔබයි මගේ පාළුවට
තනි මැකුවේ
මඳ සුළඟත් එක්ක
මොනවදෝ රහසකුත් කියන්
ආදරයද?
අනේ මන්ද?
හිරිකඩ පොදකුත් අරන්
සිතල මැදියම තනි රකින්න
අමුත්තකුව,
ඇවිදින් ඔබ......





-නිමේෂා ගමගේ-






සිදාදියට එන්නට මට
බුද්ධිය උඹ තමයි එදා
පාර කියා දුන්නේ
ගමෙන් උරුම වූ වස්තුව
පොදියක් බැඳ කර තියාන
උඹේ බහට රැවටීලයි  සිදාදියට මං ආවේ

ඒ එන කොටගෙන ආ දෙය
වියපැහැදම් කළා මිසක
මෙහිදී අලුතෙන් ඉපයූ කිසිම දෙයක් නැත්තේ
ඉස බර කළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ

සිදාදියෙන් ආපසු මගෙ
ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ

ඉතිරිව ඇති සුළු වස්තුව රැකගෙන ආපසු එන්නට
ඈත ඉඳන් අත වනලා අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ

බෝමළුවේ සුදුවැල්ලේ බෝධිය මුල දණ ගහලා
නිවන් ලබා හිත නිවන්න අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ

මැණික් ගඟෙන් දිය නාලා ඇඟපත ගිනියම් දුරලා
කිලිකුණු හෝදා හරින්න අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ

වල් බිහි වී ගිය හේනේ වල් පැල උදුරා දමලා
පැළ ඉනි වැට තර කරලා අලුතෙන් බිජුවට ඉහලා
රන් අස්වනු නෙලා ගන්න ඈත ඉදන් අත වනලා
අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ




-මහගමසේකර-
















ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා    වන  රබීන්ද්‍රනාත් තාගෝර්...... ඉ න්දියානු අනන්‍යතාවයේ සංකේතය වශයෙන් සැලකෙන රබී...