මොඩ් ගොවියා
මඩ සෝදා ගත් කළ රජ කමටත් සුදුසු එකම තැනැත්තා ගොවියාය. ගොවිකම රජ කමටත් වඩා උතුම්ය. ගොවියා බත
නොදෙන්නට රජ කම් කරන්නේ කෙලෙසද? අතීතයේ රජවරු හොඳ ගොවිවරුය. එනිසා ගොවිකම ගැන
අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය වන්නේ නැත. දැන් දැන් රජ කම් කරන්නේ පොළවේ පය ගහපු
නැති වුන්ය. එහෙව් රටක ගොවිකමට වන්නට යන සන්තෑසිය ගැන අමුතුවෙන් කියාදිය යුතු නැත.
ගොවියා රටටම බත සපයන්නෙකි. අද බත ප්ලාස්ටික් වී ඇත්තේ ගොවිකම නොදත් අමන පාලකයන් නිසාවෙනි. ගොවියා නොවන්නට
කන්නට සිඳුවන්නේ රටින් ගේන හාල්ය. අද සිඳු වී ඇත්තෙත් එවැන්නකි.
අතීතයේ
පැරැන්නන් අතර ගොවි කමට ඉහළ මිලක් වටිනාකමක් ලැබී තිබුණි. හැමෝටම ගොවියන් විය
නොහැකිය. එය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූවක් ලෙස ඔවුන් සැලකූහ. ගොවිරාළ, ගමරාළ,
පුංචි ගම්බාරේ, මහ ගම්බාරේ වූයේ ඔවුන්ය. අද එසේ ගම්බාර උන්නැහේලා නැත. අද එසේ කිව
හැකි ගම්බාර චරිත ගොවියන් අතර නොමැත. ගොවිකමට නියම වටිනාකමක් ගෙන දුන් ඔවුන්ට
ගොවිතැන පිලිබඳ පැවතියේ හසල දැනුමකි. ඔවුන් ඒ ගැන නොදත්තක් නොවූ තරම්ය. පාරම්පරිකව
ඔවුන්ට ඒ දැනුම හිමි විය. ඔවුන් සතු වූයේ ඊට ආවේණික වූ සංස්කෘතික වට පිටාවකි. අද ඒ
සියල්ල නැතිවී ගොස්ය. ඔවුන්ගේ ජිවිත ගෙවුණේ කුඹුරු වතු පිටි එක්කය. ඔවුන්ගේ ජීවිතය
වූයේද එයයි. අව්ව වැස්සත් එක්ක හරි හරියට ඔට්ටු වුණු ඒ ජීවිත වලට ඒවා හරි හරියට බැදිලා
තිබුණා. මුදල් හදල් යහමින් නැති වුණාට සල්ලි වලට ගන්න බැරි උතුම් මනුස්ස කමක් ඔවුන්ගේ
හිත් වල පැල පදියන් වෙලා තිබුණා. ඔවුන් අතරේ තිබුණු සහයෝගය සමාදානය අද වෙද්දී
මිනිස්සු අතරින් ගිලිහිලා ගිහිල්ලා. අද ඉන්න බොහොමයක් දෙනා ඇඟ හොරු බවට පත් වෙලා.
ඉස්සර අපේ ගම්බාරෙලා උදේම දුවන්නේ තමන් දුක් මහන්සියෙන් තමන්ගේ දාඩිය කදුළු මුසු
කරලා හදපු වගාවන්ට සාත්තු සප්පායන් කරන්න. ඒ වගේම ඒ වගාවන් උස් මහත් කරන්නේ හරියට
දරුවෙක් වගේ ආදරෙන් සෙනෙහසින්. ඒ නිසාම ඒවගෙන් ලැබෙන උපරිම ප්‍රයෝජන ඒ මිනිස්සුන්ට
ලැබුණා. අද ගොවියා මේ සේරම සල්ලි වලට අරගෙන. ඉස්සර ගොවි මහත්තුරු අතරේ හොඳ
සහයෝගයක් එකමුතුවක් තිබුණා. වැඩ කලේ කෑවේ බිව්වේ එකට. යායට බැහැලා වැඩ කළේ එකට.
එකිනෙකාට උදව් කළා. අද වගේ හැමදේම කුලී කාරයන්ගේ අතින් උණේ නැහැ. එකිනෙකා එකිනෙකාට
උදව් කළා. දුකේදී සැපේදී හොයා බැලුවා. නමුත් අද මේ හැමදේම වෙනස් වෙලා.
ඉස්සර අද වගේ රසායනික පොහොර, නවීන උපකරණ තිබුනේ
නෑ. ඒ දේවල් නැති නිසාම ඔවුන් අතරේ පුදුමාකාර සමගියක් සහයෝගයක් තිබුණා. ගොයම් කපලා
පෑගෙද්දී ගමේ හැමෝම එක තැනකට එකතු වෙලා ඒ සතුට විඳගත්තා. අද ඒ සේරම වෙන්නේ නවීන
උපකරණ වලින්. අද ගොවිකම අතට අරන් තියෙන්නේ මිනිස්සු නෙවෙයි උපකරණ යන්ත්‍ර සූත්‍ර.
ඒ නිසා අද අපි බඩ කට පුරා කන්නෙත් වස ගොඩක් විතරයි. අද ගොවියා කුඹුරට බැහැලා හරි
හරියට මඩ ගාගෙන වැඩ කරන්නේ නෑ. කව්රු කව්රුත් තම තමන්ගේ වැඩ විතරයි. අද හැමදේම
ක්ෂණික වෙලා. හැමදේම බොහොම ඉක්මනින් වෙනවා. සහයෝගයක් සමගියක් කා ළඟවත් නැහැ.
ඇත්තටම අද ගොවියෝ කුඹුරු අස්වද්දන්න දන්නෙවත් නෑ. හැමදේම උඩින් පල්ලෙන් කරලා
අස්වැන්න විතරක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම ගොවිකමත් එක්ක බැඳුණු ඒ හිතවත් කමත්
නැති වෙලා ගිහින්. හැමදේම මෙහෙම ක්ෂණික වෙද්දී අපේ ජිවිතත් හරි ඉක්මනට ක්ෂණික
වෙනවා. හැම දේම තාක්ෂණයත් එක්ක මුහු වෙද්දී අපිත් ඒ එක්ක බැදෙන එක වරදක් නෙවෙයි.
නමුත් තාක්ෂණය එක්ක බැදෙනවා කියන්නේ අපේ හොඳ දේවල් කුණු කූඩෙට දානවා කියන එක
නෙවෙයි. ගොවියා මොඩ් වෙනවා කියන්නෙම අපේ බඩට වස යනවා කියන එකයි. ඒ වගේම අපේ රට බත
බුලතින් සාරවත් කරන්න හොඳ ගොවි පරපුරක් සිටිය යුතුමයි. එහෙම නොවෙන තාක් කල් අපේ රට
බත බුලතින් සාරවත් කරන්න වෙන්නේ පිටරටින් ආනයනය කරන ප්ලාස්ටික් බත බුලතින් වග
හොඳින්ම මතක තබා ගත යුතුමය.
No comments:
Post a Comment