Wednesday, July 26, 2017


ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා  වන රබීන්ද්‍රනාත් තාගෝර්......



න්දියානු අනන්‍යතාවයේ සංකේතය වශයෙන් සැලකෙන රබීන්ද්‍රනාත් තාගෝර් නූතන ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස සැලකෙයි. බෙංගාලි ජාතිකයකු වන ඔහු බෙංගාලි සාහිත්‍ය හා සංගීතය එහි නූතන යුගයට ඔසවා තැබීමෙහි ලා දායකත්වය විශේෂයෙන් වැදගත් වේ. ඉන්දියානු කලාවන් නූතනත්වය කරා යොමු කිරීමද ඔහුගෙන් ඉටු වූ වැදගත් මෙහෙවරකි. සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත ප්‍රථම ආසියාතිකයා වන්නේ රබීන්ද්‍රනාත් තාගෝර් ය. 1861 වන මැයි මස හත්වැනි දින මොහු මෙලොව උපත ලැබීය. මොහුගේ පියාණන් වූයේ දේවේන්ද්‍රනාත් තාගෝර් ය. එවක ඉන්දියාවේ ඇති වූ ආගමික, සමාජිය හා දේශපාලනික ව්‍යාපාරවල පුරෝගාමීහු වූහ. සමාජ ප්‍රගතියට බාධා පමුණුවන ආචීර්ණ කල්පිත මතවාදවලින් සකස් වුණු සමාජ සංස්ථාවලට එරෙහි වූ ඔහු විදේශීය සිරිත් විරිත් මඟින් දේශීයත්වය, දේශීය සංස්කෘතිය විනාශ වීමට එරෙහිව කටයුතු කරනු ලැබීය.

                              පාඨශාලා අධ්‍යාපනයෙන් ඉවත් වූ ඔහු නිවසේදීම ඉංග්‍රීසි හා සංස්කෘත භාෂා දැනුම ලැබීය. 17 වන වියෙහිදී වැඩි දුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යාමට සිඳුවිය. එංගලන්ත අධ්‍යාපනයෙන් පසුව සිය රටට පැමිණි ඔහු භානුසිංහ යන නමින් භක්ති ගීත රචනා කළේය. 1882 ඔහු විසින් රචනා කල සන්ධ්‍යා සංගීත් නම් කෘතිය ඔහු කවියෙකු ලෙස ප්‍රසිද්ධයට පත් කිරීමට සමත් විය. ඔහුගේ ප්‍රථම නාට්‍ය වූයේ සොබා දහමේ පළිගැනීමයි. ඔහුගේ කෘති අතුරින් වඩාත් පරිසමාප්ත කෘතිය වන්නේ මානසී යන කෘතියයි.

                                                    රදළ පවුලක කුමාර සම්පත් ඇතිව වැඩුනද සාමාන්‍ය ජනතාව සමඟ එක් වීමට අවස්ථාව ලැබුණේ පද්මා නම් ගගෙහි නිතරම ඔරු මඟින් ගමනෙහි යෙදීමට සිඳු වූ නිසාවෙනි. එනිසා අසරණයන්ගේ ජීවිතය ඔහුගේ සානුකම්පිත දෘෂ්ටියට ලක් විය. යාන්ත්‍රික ඒකාකාරී බවින් මිදී සොබා දහමට ඉතා සමීපව සරලව දිවි ගෙවීමෙන් ජගත් සෞන්දර්යය හා කලාකාමිත්වය වඩවා ගැනීමටත් ඥාන ගවේෂණයට තෝ තැන්නක් වූ ශාන්ති නිකේතනය ඔහු විසින් අරඹන ලද්දකි. 1902 කාලය ඔහුගේ ජිවිතයේ ශෝකකූල කාලයක් විය. මරණ කිහිපයක්ම අත ළඟ සිඳුවිම එයට හේතු විය. නමුදු එය ඔහුගේ ජිවන දර්ශනය තවත් පුළුල් කිරීමට හේතු විය. ඔහුගේ නිර්මාණ අතර තැපැල් කන්තෝරුව, අඳුරු කුටියේ රජතුමා යන නාට්‍යයන් දේශමාමකත්වය ඉස්මතු කරන්නක් විය. ඔහු සමාජ ප්‍රශ්න මෙන්ම පුද්ගල ප්‍රශ්නද තම නිර්මාණ වලට වස්තු විෂය කොට ගත්හ.

“දුටු දෑ බොහෝය මා දෑස
එහෙත් ඒවා වෙහෙසට පත්ව නැත
ඇසූ දෑ බොහෝය මා සවන්
එහෙත් ඒවා තවත් දෑ ඇසීමට
පිපාසයෙන් පෙළෙයි.”

                                       
ඔහු ඔහුගේ හැත්තෑ වියේදී මෙසේ පැවසුවේය. ඔහු නැවතද සංචාරයේ යෙදුණි. 1934 දී ලංකාවට පැමිණි ගමන ඔහුගේ අවසන් විදේශ සංචාරය විය. 1940 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශාන්ති නිකේතනයේ විශේෂ උත්සවයක් පවත්වා සාහිත්‍ය පිලිබඳ ආචාර්ය උපාධියක් ඔහුට පිරිනැමීය. ඉන් කලකට පසුව අසනීප තත්ත්වයට පත් වූ එතුමා 1941 අගෝස්තු හත්වන දින මෙලොව හැර ගියේය.





Tuesday, July 11, 2017

























මහා සයුරේ රැළි ගොඩට ගලනවා
හමන සුළං සිසිල ගෙනෙනවා


මොඩ් ගොවියා                                                                             
                                                             

                                             මඩ සෝදා ගත් කළ රජ කමටත් සුදුසු එකම තැනැත්තා  ගොවියාය. ගොවිකම රජ කමටත් වඩා උතුම්ය. ගොවියා බත නොදෙන්නට රජ කම් කරන්නේ කෙලෙසද? අතීතයේ රජවරු හොඳ ගොවිවරුය. එනිසා ගොවිකම ගැන අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය වන්නේ නැත. දැන් දැන් රජ කම් කරන්නේ පොළවේ පය ගහපු නැති වුන්ය. එහෙව් රටක ගොවිකමට වන්නට යන සන්තෑසිය ගැන අමුතුවෙන් කියාදිය යුතු නැත. ගොවියා රටටම බත සපයන්නෙකි. අද බත ප්ලාස්ටික් වී ඇත්තේ ගොවිකම  නොදත් අමන පාලකයන් නිසාවෙනි. ගොවියා නොවන්නට කන්නට සිඳුවන්නේ රටින් ගේන හාල්ය. අද සිඳු වී ඇත්තෙත් එවැන්නකි.
                                                    
         කාලෙන් කාලෙට තාලෙන් තාලෙට හැමදේම වෙනස් වනු ඇත. ගොවි කමත් කාලෙත් එක්කම අලුත් වී ඇත. ගොවියා මොඩ් වී අලුත් කාලයට ඔබින ලෙසය. ගොවි කමට සරිලන ගොවි මහතුන් සිටියේ ඉස්සරය. අද සිටින්නේ ගොවියා යැයි නම කොටා ගත්තෙක් පමණකි. උදැල්ලක් හරියට අල්ලා ගත නොහැකි වුවත් අද ගොවියකු විය හැකිය. ඒ මේ අත මුදල් විසි කල හැකි නම් ගොවියකු විය හැකිය. ඒ මොඩ් ගොවියෙකි. සැබෑ ගොවිකම කාලයේ වැලි තලා අතරින් සැගවී ගොස්ය.

 අතීතයේ පැරැන්නන් අතර ගොවි කමට ඉහළ මිලක් වටිනාකමක් ලැබී තිබුණි. හැමෝටම ගොවියන් විය නොහැකිය. එය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූවක් ලෙස ඔවුන් සැලකූහ. ගොවිරාළ, ගමරාළ, පුංචි ගම්බාරේ, මහ ගම්බාරේ වූයේ ඔවුන්ය. අද එසේ ගම්බාර උන්නැහේලා නැත. අද එසේ කිව හැකි ගම්බාර චරිත ගොවියන් අතර නොමැත. ගොවිකමට නියම වටිනාකමක් ගෙන දුන් ඔවුන්ට ගොවිතැන පිලිබඳ පැවතියේ හසල දැනුමකි. ඔවුන් ඒ ගැන නොදත්තක් නොවූ තරම්ය. පාරම්පරිකව ඔවුන්ට ඒ දැනුම හිමි විය. ඔවුන් සතු වූයේ ඊට ආවේණික වූ සංස්කෘතික වට පිටාවකි. අද ඒ සියල්ල නැතිවී ගොස්ය. ඔවුන්ගේ ජිවිත ගෙවුණේ කුඹුරු වතු පිටි එක්කය. ඔවුන්ගේ ජීවිතය වූයේද එයයි. අව්ව වැස්සත් එක්ක හරි හරියට ඔට්ටු වුණු ඒ ජීවිත වලට ඒවා හරි හරියට බැදිලා තිබුණා. මුදල් හදල් යහමින් නැති වුණාට සල්ලි වලට ගන්න බැරි උතුම් මනුස්ස කමක් ඔවුන්ගේ හිත් වල පැල පදියන් වෙලා තිබුණා. ඔවුන් අතරේ තිබුණු සහයෝගය සමාදානය අද වෙද්දී මිනිස්සු අතරින් ගිලිහිලා ගිහිල්ලා. අද ඉන්න බොහොමයක් දෙනා ඇඟ හොරු බවට පත් වෙලා. ඉස්සර අපේ ගම්බාරෙලා උදේම දුවන්නේ තමන් දුක් මහන්සියෙන් තමන්ගේ දාඩිය කදුළු මුසු කරලා හදපු වගාවන්ට සාත්තු සප්පායන් කරන්න. ඒ වගේම ඒ වගාවන් උස් මහත් කරන්නේ හරියට දරුවෙක් වගේ ආදරෙන් සෙනෙහසින්. ඒ නිසාම ඒවගෙන් ලැබෙන උපරිම ප්‍රයෝජන ඒ මිනිස්සුන්ට ලැබුණා. අද ගොවියා මේ සේරම සල්ලි වලට අරගෙන. ඉස්සර ගොවි මහත්තුරු අතරේ හොඳ සහයෝගයක් එකමුතුවක් තිබුණා. වැඩ කලේ කෑවේ බිව්වේ එකට. යායට බැහැලා වැඩ කළේ එකට. එකිනෙකාට උදව් කළා. අද වගේ හැමදේම කුලී කාරයන්ගේ අතින් උණේ නැහැ. එකිනෙකා එකිනෙකාට උදව් කළා. දුකේදී සැපේදී හොයා බැලුවා. නමුත් අද මේ හැමදේම වෙනස් වෙලා.

                             ඉස්සර අද වගේ රසායනික පොහොර, නවීන උපකරණ තිබුනේ නෑ. ඒ දේවල් නැති නිසාම ඔවුන් අතරේ පුදුමාකාර සමගියක් සහයෝගයක් තිබුණා. ගොයම් කපලා පෑගෙද්දී ගමේ හැමෝම එක තැනකට එකතු වෙලා ඒ සතුට විඳගත්තා. අද ඒ සේරම වෙන්නේ නවීන උපකරණ වලින්. අද ගොවිකම අතට අරන් තියෙන්නේ මිනිස්සු නෙවෙයි උපකරණ යන්ත්‍ර සූත්‍ර. ඒ නිසා අද අපි බඩ කට පුරා කන්නෙත් වස ගොඩක් විතරයි. අද ගොවියා කුඹුරට බැහැලා හරි හරියට මඩ ගාගෙන වැඩ කරන්නේ නෑ. කව්රු කව්රුත් තම තමන්ගේ වැඩ විතරයි. අද හැමදේම ක්ෂණික වෙලා. හැමදේම බොහොම ඉක්මනින් වෙනවා. සහයෝගයක් සමගියක් කා ළඟවත් නැහැ. ඇත්තටම අද ගොවියෝ කුඹුරු අස්වද්දන්න දන්නෙවත් නෑ. හැමදේම උඩින් පල්ලෙන් කරලා අස්වැන්න විතරක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම ගොවිකමත් එක්ක බැඳුණු ඒ හිතවත් කමත් නැති වෙලා ගිහින්. හැමදේම මෙහෙම ක්ෂණික වෙද්දී අපේ ජිවිතත් හරි ඉක්මනට ක්ෂණික වෙනවා. හැම දේම තාක්ෂණයත් එක්ක මුහු වෙද්දී අපිත් ඒ එක්ක බැදෙන එක වරදක් නෙවෙයි. නමුත් තාක්ෂණය එක්ක බැදෙනවා කියන්නේ අපේ හොඳ දේවල් කුණු කූඩෙට දානවා කියන එක නෙවෙයි. ගොවියා මොඩ් වෙනවා කියන්නෙම අපේ බඩට වස යනවා කියන එකයි. ඒ වගේම අපේ රට බත බුලතින් සාරවත් කරන්න හොඳ ගොවි පරපුරක් සිටිය යුතුමයි. එහෙම නොවෙන තාක් කල් අපේ රට බත බුලතින් සාරවත් කරන්න වෙන්නේ පිටරටින් ආනයනය කරන ප්ලාස්ටික් බත බුලතින් වග හොඳින්ම මතක තබා ගත යුතුමය.








Monday, July 10, 2017


කවුරුවත් නෑ කවුරුවත් නෑ 
එගොඩට යන්නට-එගොඩට යන්නට 
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ 
අඳුර ගලනවා පාරුව ඇතුළට 
ලන්තෑරුම කෝගගගල ඔහෙ තිබුණා වේ 
කවුරුත් නෑ අද එගොඩට යන්නට 

දවසින් දවසට පාළම හැදුනා 
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා 
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් 
ගම හැරදා යන්න ගිහින්ගගග 

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා 
ගෙනියන්නට බැරි බර පොදි තිබුණා 
මෙතුවක්‌ නොමගිය බර අද දවසේ 
මට හිනැහීගෙන යනවා වාගෙයි 

පදමාලාව - හේමසිරි ගුණතුංග 
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 
ගායනය - අමරසිරි පීරිස්‌ 






ගී පද විචාරය:                        





ගොඩ මඩ දෙකම සරුසාරය පළ බරය
කටුරොද ගම්මානෙ තරමක් පිටිසරය
ඒ ගම මැඳින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙලවරය


            කේයස් හෙවත් සාගර පලන්සූරිය කවියා ගමේ සුන්දරත්වය දැක තිබෙන්නේ මෙලෙසිනි. ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය තුළින් ගැමි සමාජය තුළ තිබූ සංස්කෘතිකත්වය ගම්මානයේ සිරියාව  මැනවින් පසක් කර දෙයි. ගම සමඟ බැඳී ඇති සුවිශේෂී සංකල්ප තුනක් ලෙස මෙම පන්සල, වැව, දාගැබ හැඳින්විය හැකිය. ගම සමඟ බැදී තිබූ මෙම සංකල්ප නිසාවෙන් ගමේ සුන්දරත්වය ආරක්ෂා වී පැවතුණි. ගම්වැසියන් වැව සමඟ විශාල සබඳතාවක් අතීතයේ පටන් පැවති අතර ගමේ ගමේ සුන්දරත්වය ගමේ ඇති ස්වභාව සෞන්දර්ය වැඩි වැඩියෙන් ඉස්මතු වන්නට එය හේතු විය.ගැමියන්ගේ ජිවිත කලඑළි වන්නේද  මේ වැව් දියෙන් සරුසාර වුණු වගා බිම් දැකීමෙනි. ගමේ ගහ කොළ සතා සිවුපාවුන් මෙන්ම ගමේ ජිවත් වන මිනිසුන්ගේ ජිවන රටාව, ජීවිතය මෙන්ම ජිවන වෘත්තිය වැනි සෑම දෙයකම පිටුපස මේ වැව් සංස්කෘතිය බැඳී තිබූ බවට අපේ අතීත මුතුන්මිත්තන් සාක්ෂි දරනු ඇත. ගමේ අසිරිය මෙලෙස වුවද අද වන විට ඒ අසිරිමත් ගම්මානයේ  සුන්බුන් පමණක් අපේ හදවත් වල ඉතිරි වී ඇත. විවෘත ආර්ථිකය, නාගරීකරණය සංවර්ධනය හමුවේ ගමේ සුන්දරත්වය වියැකී ගොස්ය.



                    1980 දශකය අගභාගයේ දී හේමසිරි ගුණසිංහයන් විසින් තොටියකුගේ ශෝකාලාපයක් පසුබිම් කර ගනිමින් විවෘත ආර්ථිකය හේතුවෙන් ගමට සිඳුවන විනාශය පිලිබඳ දක්වමින් ගී පද රචනයක් සිඳුකල අතර එහිදී නවීකරණය, නූතන ආර්ථික ක‍්‍රමවේදය විවේචනයට ලක් කර තිබේ. පාලමක් සෑදීමත් සමඟ පාරු පදින්නෙකුට අත්වන ඉරණම පිලිබඳ දක්වමින් මෙම ගීතයේ පද වැල් සකස් වී තිබේ. ගීතය තුළ දිසි අරුතක් සේම වැසි අරුතක්ද දැකගත හැකි අතර ඉතා ගැඹුරු අදහසක් තොටියකුගේ ශෝකාලාපයක් මාර්ගයෙන් පේ‍්‍රක්ෂක හඳ සංතානයට ගෙන එන්නට දැරූ උත්සාහයක් ලෙස පෙන්වාදිය හැකිය.ගැමි ජනතාව විවෘත ආර්ථිකය ඉදිරියේ මංමුලා වී ඇති අයුරු මෙම ගීතය තුළින් පෙන්වා දී ඇත.තොටියකුගේ හඳවතේ ඇති වූ සානුකම්පිත හැඟීම් ඇසුරු කර ගනිමින් නවීකරණයෙන් රටට ඇතිවන අයහපත් බලපෑම පිළිබඳව සමාජයට කියා පෑමට උත්සාහ කර තිබේ. 

                                                              වැවත් සමඟ ගමෙන් තවත් ගමක් වෙන් වී පැවති අතර වැව නිසා ගම්මානයෙන් සිදාදිය වෙන් වී පැවතිණි. සිදාදියට යන මාර්ගය සකස් වුයේ ගම්මානය මැදින් ගලන ගඟ හෝ වැව හරහාය. සිදාදියෙන් ගම ආරක්ෂා කරගන්නට මෙන් එකිනෙක වෙන්වන පරිදි  ගංගාවක් වැවක් පිහිටා තිබිණි. එමඟින් ගමේ සුන්දරත්වය මෙන්ම ගම්මානයද ආරක්ෂා විය. මිනිසුන් එගොඩටත් මෙගොඩටත් ගෙන යමින් ගමත් නගරයත් එකිනෙක යා කරන්නට හැකි වූයේ තොටියාට පමණි. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවුණේ ද මේ වැව් දිය මතයි. ඔහුගේ ජිවන තත්ත්වය රඳා පැවතුනෙත්  දරු පවුල රැුකුණෙත් ඒ ලැබෙන සොච්චම් මුදලිනි. ගම්මානයේ සිට සිදාදියටත් සිදාදියේ සිට ගම්මානයටත් මිනිසුන් ගෙන යාම ඔහුගේ එකම කාර්යය විය. පහසු කටයුත්තක් නොවන මේ රැුකියාව ජීවිතයත් මරණයත් අතර සටනක් ම පමණකි. සොච්චම් මුදලක් වුවත් මුදලට වැඩ වැඩි වගකීමක් ඔහුගේ කර මත පැටවී තිබිණි.  ගතට දැනෙන මහන්සිය ගැන නොතකමින් ගමේ මිනිසුන්ට ප‍්‍රවාහන සේවය සැලසීමට  ඕනෑම අවස්ථාවක ඔහු සැදී පැහදී සිටියහ. 





                         ගමේ මිනිසුන් තමන්ගේ සෑම වැඩකදිම තවත් කෙනෙක්ගේ සහයෝගය ලබා ගැනීම එදා සිටම දක්නට ලැබෙන්නකි. ඔවුන් ළඟ පුදුමාකාර බැඳීමක් සහයෝගයක් එකමුතුකමක්  තිබූ අතර ගමේ ගොයම් කයියෙදි, ඉලව්වකදී, මඟුල අවස්ථාවකදී ම එකට එකතු වෙමින් දුක සතුට බෙදා ගන්නට ඔවුන් අමතක නොකළහ. සහයෝගය එකමුතුකම හේතුවෙන් ඔවුන් අතර තරහ මරහ ඇති නොවූ අතර අද මෙන් සුව පහසු නිදන කාමර, නාන කාමර, ඇඳුම් පැළඳුම් නොතිබුනද ඔවුන්ගේ ජිවිත සහයෝගයෙන් ගෙවිණි. 

              සරල මෙන්ම සැහැල්ලූ බවින් යුක්ත වූ ඒ ජිවිත වල කිසිඳු දුරස්ථ බවක් නොතිබූ අතර තොටියාගේ මහන්සිය තනිකම මුණ ගැහෙන ගැමියන්ගේ සුහදත්වය සමඟ නැතිව ගියේ ඒ නිසාවෙනි.


                                                  විවෘත ආර්ථිකයත් සමඟ නවීන වූ ගම්මාන සෑම තැනම නිර්මාණය වන්නට පටන් ගත් අතර  ගැමි අසිරිය ගැමියන්ගේ සිත් සතන් තුළින්ද ගිලිහෙන්නට විය. විවෘත ආර්ථිකය සමඟ මේ සියල්ල වෙනස් වී යන අයුරු පිළිබඳව හේමසිරි ගුණතුංගයන් පදවැල් ගොතන අතර අමරසිරි පීරිස්ගේ හඬින් පණ නැගෙන්නට විය. තොටියකුගේ අහිංසක දොම්නසක විවෘත ආර්ථිකය විවේචනයට ලක් කරමින් විරෝධාකල්පයක් ලෙස මෙම ගීතය ලිය වී ඇත. ගීතය බැලූ බැල්මට තොටියකුගේ ශෝකාලාපයක් පෙන්නුම් කෙරෙන අතර ගීතය පිලිබඳ හොඳින් විමසා බැලීමේදී ඒ තුළ ගැබ්ව තිබෙන ව්‍යංගාර්ථයක් දිස්වන අයුරු දක්නට ලැබේ. අමරසිරි පිරිසගේ හඬින් පණ ගැන්වෙන මෙම ගීතය තුළින් කියවෙන්නේ නූතන සංස්කෘතිය තුළ පවතින නවීනත්වය, වාණිජත්වය ගම්මානයට මෙන්ම අහිංසක  ගැමියන්ට බැළුම් හෙලා ඇති ආකාරයයි. 


කවුරුවත් නෑ කවුරුවත් නෑ
එගොඩට යන්නට එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ ඔහේ තිබුණාවේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට

                          අපේ රට විවෘත ආර්ථිකය සමඟ විශාල විපර්යාසයකට භාජනය විය. ගමේ ගැමිකම, ගැමි සංස්කෘතිය ඩැහැගත් ගම්මානයක ජිවත් වන වන අහිංසක තොටියකුගේ හඳ සන්තානයේ හට ගත්වේදනාව දුක දොම්නස මේ අයුරින් කියා පා ඇත. ”කවුරුවත් නෑ කවුරුවත් නෑ” යනුවෙන් ගීතය ආරම්භ කර ඇති අතර එහි අරුත වනුයේ මෙතෙක් කලක් පාරුවේ ආදාරයෙන් එතෙර මෙතෙර ගොඩ වන්නට පැමිණෙන පුද්ගලයන් කිසිවෙක් අද පෙනෙන්නට නැති බවයි. ඔවුන් ඒ සඳහා වෙනත් පිළියම් යොදාගෙන තිබේ. එගොඩට යන්නට වත් එගොඩ සිට මෙගොඩට පැමිණීමට වත් අද කිසිවකු නැති බව දක්වන කවියා ව්‍යංගාර්ථයෙන් පෙන්වා දෙනුයේ එගොඩට මෙගොඩට යන්නට කිසිවෙක් නැති කල තමන්ටද වෙනදා ලැබෙන සොච්චම් පඩිය වත් අද දිනයේ නොලැබෙන බවයි. වෙනදා ගම්මානයෙන් උදේ පටන් ? වන තුරු එගොඩ මෙගොඩ කරන්නට මිනිසුන් සිටි නමුත් අද ඒ කිසිවෙක් පෙනෙන මානයකවත් දැක ගත නොහැකිය. එනමුත් තොටියා තනිවම ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් පෙරමඟ බලා සිටියි. 



                             
                                      ගැමි කමට නවීනත්වය එක් කරමින් වාණිජත්වය, විවෘත ආර්ථිකය ගම් දොරකඩට පැමිණ තිබේ. ඉඳින් තවත් සිතා නොබලා ගැමියන් එය වැළඳ ගනු ඇත. ක්ෂණිකව සිඳුකර ගත හැකි දේ සමීපයේ තිබියදී වෙනත් දේ වෙනුවෙන් කාලය විඩංගු කිරීමට කිසිවෙකු  කැමැත්තක් නොදක්වයි. මුදල් සොයා ගත හැකි මාර්ග මෙන්ම ජීවිතය පහසු කරමින් සංවර්ධනය ගම්මානය පුරා දිව යයි. ලහි ලහියේ ඉදි වන නිවාස, ගොඩනැගිලි මෙන්ම සෑම දෙයක්ම නවීනත්වය සමඟ වෙනස් වීම් වලට භාජනය වී ඇත. වාසිය පහසුව තකා ඒවා වැළඳ ගනු විනා තමන්ගේ පාරුවෙන් එගොඩ මෙගොඩ යාමට කිසිඳු අවශ්‍යතාවක් ඔවුන්ට නැත. මෙතෙක් කලක් තමන්ගේ දෑතේ සවියෙන් එගොඩ මෙගොඩ ගිය වුන් අද තමා දෙස වත් නොබලා යෑම නිසා ඔහු තඳ බල වික්ශෝපයකට පත්ව තිබේ. සිදාදියෙන් මෙතෙක් නොආ මහත්වරුන්ද අද ගම්මානයට විටින් විට පැමිණෙයි. ලහි ලහියේ එහෙ මෙහෙ දුවමින් ඔවුන් තම තමන්ගේ වැඩ වලය. තමා සමඟ දොඩමළු වන්නට අද කිසිවෙක් නැත. ඔවුන්ට පැවරී තිබෙන වගකීම් සමඟ ඔවුන්ගේ ජිවිත අතරමං ව ඇත.


                                  තමාට අද ඉතිරිව ඇත්තේ අවුරුදු ගණනක් අතේ රැුඳී තිබූ පරණ හබලත් අබලන් වී ඇති පාරුවත් පමණි. මහ ලොකු මුදලක් නැතත් ලැබෙන සොච්චම් මුදලින් දරු පවුල රැුක ගැනීමට ඔහුට හැකි විය. අද එය ද තමන්ගෙන් ගිලිහී ගොසිනි. නූතන සමාජය ඉදිරියේ තමන්ට හිමි රැුකියාවද අහිමි වී ගොස් ඇත. 



                                                      ආර්ථිකය විවෘත වුනත් දුප්පතාට හිමිවන්නේ උරුම කර ගත් දුක්ඛිත දිවි පෙවෙතමය. සමාජය වෙනස් වීමත් ලෝකය අලූත් වීමත් මිනිසුන් අලූත් විදියට සිතන්නට වැඩ කරන්නට පටන් ගැනීමත් අලූත් අලූත් දේ නිර්මාණය වීමත් නවීකරණය වූ සමාජයත් සමඟ සිදුවන විපර්යාසයන්ය. නමුත් එම විපර්යාසයන් දරා ගැනීමට මෙන්ම එම විපර්යාසයන්ට අනුකූලව වෙනස් නොවන පිරිසක්ද ඇත. එසේ වෙනස් වන්නට වෙනස් වන පරිසරයට අනුව හැඩ ගැසෙන්නට සෑම පුද්ගලයකුටම හැකියාවක් නැත. ඔවුන් සමාජයේ යම් ස්ථානයක පසු වන අතර ඉන් ඉදිරියට යාමට නොහැකිය. මෙහිදී තොටියාද එවැනි පුද්ගලයෙකි. ඔහුට මෙම වෙනස්වීම් දරා ගත නොහැකිය. එක්කෝ වෙනස් වීම් වලට අනුව වෙනස් විය යුතුය. රැුකියාව නතර කර වෙනත් රැුකියාවකට යාමට අවශ්‍ය වුවත් නූතන සමාජය තුළ සිට ඔහුට සරිලන රැුකියාවක් සොයා ගත හැකිද යන්න ප‍්‍රශ්නයකි. ඔහු ජිවිතයෙන් අතරමංව ඇත්තේ එබැවිනි.


ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට

             ගීතයෙන් කියවෙන පරිදි තොටියා උදේ සිටන්ම තොටුපළ අයිනට වී බලා සිටින්නට ඇත. උදේ සිටම තමන්ගේ සේවය සොයමින් පැමිණෙන කෙනෙකු වේදැයි ඔහු ඔහු මඟ බලමින් සිටී. උදෑසන සිට සවස් වන තුරු මෙලෙස පාරුවට වී බලා සිටියද කිසිවකු ඔහු සොයා නොපැමිණෙයි. වෙහෙස මහන්සියක් දැනුනද වෙනදාට නම් මිනිසුන් සමඟ දොඩමලූ වෙමින් පාළුව කාන්සිය මකා ගනී. අද ඔහු සමඟ තිබෙන්නේ පාළුව, කාන්සිය, දුක, ශෝකය පමණකි. 

                                       

 හිරු බැස ගොස් ගොම්මන් කළුවර එබිකම් කරන සැන්දෑ යාමයේ තවමත් ඔහු සිටී තැනටම වී එතෙර මෙතෙර බලා සිටී. දසත කළුවර කරමින් හිරු බැස යමින් තිබේ. අවට පරිසරය තුළ මෙන්ම පාරුව තුළටද කෙමෙන් අඳුරු සේයා පටල ගලා එයි. ගීතය පුරාවටම කෙරෙන්නේ තොටියෙකුගේ ශෝකාලාපයක් වුවත් ඒ තුළ ගැබ්ව ඇති ව්‍යංගාර්තයකි. දිසි අරුතට වඩා ගැඹුරු වැසි අරුතක් ගීතයට එක් කිරීමට කවියාට හැකියාව ලැබී ඇත. හිරු මෙන් නැඟ එමින් තිබූ තමන්ගේ ජීවිතය අඳුර නැමැති නාගරීකරණයෙන් වෙලා ගනිමින් ඇත.නාගරිකත්වය නොවන්නට අදටත් මේ ගැමි සමාජය වෙනදා මෙන් තමන්ගේ සුපුරුදු ජීවිතය පවත්වාගනු ඇත. පාරුව තුළට මෙන්ම තමන්ගේ ජිවිතයටද අන්දකාරය පැමිණෙමින් තිබේ. 

                                සමාජය තුළ සිඳුවන වෙනස් වීම අලූත් වීම සංවර්ධනයට හේතු වන මුත් එම වෙනස් වීමෙන් සමාජය විනාශය කරා ලඟා කරයි නම් සිඳුවන සංවර්ධනයේ ඵලක් නැත. තමන්ගේ වෘත්තීය මෙන්ම ගමේ තිබූ ගැමි සිරියාවද කෙමෙන් කෙමෙන් නාගරීකරණය ගිල දමමින් ඇති බව තව දුරටත් කවියා පෙන්නුම් කරයි. සමාජ සංවර්ධනය කරමින් නාගරීකරණය ගමට පැමිණෙමින් ඇත. පාරුවට අඳුර වැටෙමින් ඇති සේම තමාගේ ජීවිතයද අඳුරින් වැසී යමින් ඇත. 

ලන්තෑරුම කෝ ඔහේ තිබුණාවේ
කවුරුත් නෑ අද එගොඩට යන්නට
               
               වෙනදාට නම් මේ වන විට  පාරුව තුළ ලන්තෑරුම් එළිය දැල්වේ. වෙනදාමෙන් අදත් ලන්තෑරුමේ එළිය දැල්විමට ඔහු එය සොයන නමුත් අද වෙනදා මෙන් ඔහුට සොම්නසක් සිතට දැනෙන දිනයක් නොවේ. අද ඔහුගේ හඳවත පුරා ගලන්නේ දොම්නස පමණි. ඉදින් කවුරුත් නොයෙන මේ පාරුවට ලන්තෑරුම් එළිය කුමටද? වෙනදාට නම් ඔහුගේ අතමිට සරුව පවතින අතර මිල මුදල් අතේ රඳවාගෙන දරුවන්ගේ කුසගිනි නිවීමට ප‍්‍රමාණවත් මුදලක් ඔහු අතේ පවතින නමුත් අද එසේ නොවේ. ඔහුට අද මුදල් තබා කිසිවෙකු ඔහු වෙනුවෙන් පාරුවට ගොඩ වුයේ නැත. වෙළඳ ආර්ථිකය, නවීකරණය හා සංවර්ධනය යන සංකල්ප ඔස්සේ සමාජය විවිධ පැතිකඩ ඔස්සේ ඉදිරියට ඇදේ. සමාජය නවීකරණය වුවත් තමාට සිටි තැනින් නැවත වෙනස් වී ඉදිරියට යාමට හැකියාවක් නැත. තමන්ගේ ජීවිතය රැුඳී තිබුණෙත් තමන්ගේ දෑතේ සවියෙන් එහෙට මෙහෙට ගෙන යන පාරුවේ බලයෙනි. 
                             
කවියා ව්‍යංගාර්ථයෙන් පවසන්නේ අඳුරට එළියක් වන ලන්තෑරුම් එළියක් මෙන් නවීකරණය වන සමාජය ඉදිරියේ ඔහුට වෙනස් වන්නට විකල්ප මාර්ගයක් තෝරා ගන්නට අවශ්‍ය වුවත් එසේ කිරීමට තරම් ධෛර්යයක් තමන්ගේ සිතට ඇති වන්නේ නැත. එක්කෝ  තොටියා තමා යන ඒ මඟින් නැවතිය යුතුය. නැතිනම් විකල්ප මඟක් සොයා ගත යුතුය. එසේ නොවන්නට තමන්ගේ පාරුව මෙන් ඔහුද සිටි තැනම නතර වී ඇත. 

දවසින් දවසට පාලම හැඳුනා
පාලම් මොලේ හෙණ හඬ ඇසුණා

        දවසින් දවස ගෙවෙමින් ලහි ලහියේ පාලමේ වැඩ කටයුතුද නිම වෙමින් පවතී. දවසින් දවස තමන්ගේ ජිවන තත්ත්වයද පහළ බසිමින් ඇත. පාලම නම් වූ නවිකරණයේ සංකේතයද මිනිසුන් හමුවට පැමිණ ඇත. නවීකරණය, විවෘත ආර්ථිකය කෙමෙන් හිස ඔසවද්දී මිනිසුන් ළඟ තිබුණු ගැමිකම, ගැමි සංස්කෘතිය වල් වදිනු ඇත. පාලම හැදෙද්දී කම්කරුවන් සේම උපකරණද වැඩ කරයි. කවියාට එම ශබ්දය දැනෙන්නේ මෝලක ශබ්දය ලෙසිනි. පාලම හදෙද්දී වැඩ කරන කම්කරුවන්ගේ හඬ විවිධ යන්ත්‍රෝපකරණ වල හඬ හෙණ හඬක් ලෙස සවනට දැනේ. ගම්මානයේ තිබූ මිහිරියාව, ගැමි සුවඳ, වැව් සිසිල අද දැනෙන්නේ නැත. ඒ වෙනුවට කළු දුමාරයකින් ගම්මානය වැසී ගොස් ඇත. යන්ත‍්‍ර සුත‍්‍ර නිසා ගම්මානයේ තිබූ නිස්කලංක බව නිස්කලංක වට පිටාව නැතිවී ගොස්ය. ඒත් සමඟම කවියා දක්වනුයේ, 

කිරල කැලෑවේ කුරුළු කොබෙයියනි
ගම හැරදා යන්න ගිහින්
        
                                       විවෘත ආර්ථිකය හේතුවෙන් ගමට සිඳුවන සංවර්ධනයට වඩා සිඳුවන විනාශය ඉහළය. ගම්මානයේ සුන්දරත්වය වැඩි කරමින් ලඳු දෙණි කැලෑ වන වඟුරු දැකගත හැකිය. ගී පද රචනයට අනුව ගම්මානයේ කිරලූන්ගෙන් ගහනය වූ කැලෑ බිමක් පිහිටා ඇත. කුරුළු කොබෙයියන්ගෙන් ගහණය වූ පරිසරයක් එහි තිබෙන්නට ඇත. ඔවුන්ගේ මිහිරි නාදය ගම සුවඳවත් කරන්නට ඇත. ගමේ තිබූ නිහැඩියාව දුරු වන්නේ මේ කුරුළු කොබෙයියන්ගේ සුන්දරත්වයෙනි. නමුඳු අද ගම්මානයේ නිහැඬියාව දුරු කරන්නේ කුරුළු කොබෙයියන්ගේ නාදයෙන් නොවේ. විශාල යන්ත‍්‍ර වලින් වැඩ කරන විට නැගෙන ඝෝෂාවෙනි. ගමේ සුන්දරත්වය වැඩි කරන්නට සිටි කුරුළු කොබෙයියන්ද ඉගිළ ගොසිනි. ගම් දනව් වල ඉඟිල ගොසින් නිදහසේ ජිවත් වූ ඔවුන්ට අද ගම්මානයේ තිබූ නිදහසද අහිමි ව ගොසිනි. මෙහිදී කවියා උත්සාහ කරන්නේ ගමේ තිබූ නිදහස මේ නවීනත්වය සමඟින් නැතිව ගොස් තිබෙන බවයි. ගමේ සිටි කුරුළු කොබෙයියන් සේම තමාටත් මේ ගම්මානයෙන් නිදහස් පරිසරයකට තමන්ට වෙනදා මෙන් ජිවත් විය හැකි පරිසරයකට යන්නට හැකි වේ යයි සිතන්නට ඇත.  



                තොටියා තමාගේ ජීවිතය රැුක ගැනීමට කල එකම රැුකියාව වන්නේ පාරුව පැදවීමයි. පාරුව පදවමින් කල එකම රැුකියාවත් අද අවසන් වී ඇත. දෑතේ ඇඟිලි ගෙවෙන තුරු පාරුව පදවමින් ජිවිතෙන් වැඩි කාලයක් මේ වැව් දියටම දියවී ගොසිනි. ” දෑතේ අතැඟිලි හබලට ගෙවුණා” යනුවෙන් ගීත රචකයා දක්වා ඇත්තේ එබැවිනි.


දෑතේ අතැඟිලි හබලට ගෙවුණා
ගෙනයන්නට බැරි බර පොදි සැදුණා

                    තමන් මේ රැුකියාවේ නියැලී සිටම තමන්ගේ ජිවිතයද ඒ වෙනුවෙන් දියවී ඇත. හබල සේම දෑත් වල ඇඟිලි ද අද ගෙවී ඇත. තමන්ගේ රැුකියාව ඔහු ඉතාමත් හොඳින් සේම අවංකව ඉටු කර ඇත. තමන්ගේ සේවය ලබා ගන්නා කාලයේදී මිනිසුන් නගරයේ සිට ගමටත් ගමේ සිට නගරයටත් බඩු බාහිරාදිය රැුගෙන ගිය අතර සමහර අවස්ථා වලදී  ඔහු පාරුවට දරා ගැනීමට බැරි තරම් බඩු රැුගෙන යන්නට සිඳුවූ අවස්ථා ද තිබෙන්නට ඇත. ගෙනයන්නට බැරි තරමට බඩු පොදි රැුගෙන යන්නට සිඳුවිය. 

මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහී ගෙන යනවා වාගෙයි

                 තොටියා අත්දැකීම බහුල පුද්ගලයෙකි. ඔහු පාරුවට මෙන්ම එගොඩට හා මෙගොඩටද ගැලපෙන හා සුදුසු බර ප‍්‍රමානයන් හොදාකාරවම දනී. සමහර අවස්ථා වලදී එම බඩු භාහිරාදිය රැුගෙන නොයන්නටද ඔහු තීරණය කරන්නට ඇත. මන්ද නගරයෙන් ගමට රැුගෙන එන එම භාණ්ඩ නිසාවෙන් ගම්මානය විනාස වන බැවිනි.නමුත් අද ඔහුගේ වාරණයට ලක්වූ නොගැල්පෙන බර පවා නව පාලමින් ගමට පැමිණෙමින් ඇත.තොටියාගේ වාරණය එනම් අපේ සංස්කෘතිය සදාචාරයන් ට පටහැනි ද්‍රව්‍ය මේ විවෘත ආර්ථිකය හරහා අපේ ගම් බිම් වසා ගෙන ඇත. ඒ අතර මත්ද්‍රව්‍ය, අපචාර, අසැබි චිත‍්‍රපට වැනි විනාෂකාරී දේවල් ද ගමට පැමිණ ඇත.අවාසනාට මේ දේවල් ගමට එන්නේ තොටියාගේ වාරණයට එනම් අපේ සංස්කෘතියට සදාචාරයන්ට හිනා වෙමිනි. ඔච්චම් කරමිනි, යටපත් කරමිනි.
                                                                                 තොටියා එම බර පොදි රැුගෙන යන්නට එදා අකමැති වුවද අද ඒවා කිසිදු අවසරයකින් තොරව ගමට පැමිණ ඇත. තමා ප‍්‍රතික්ෂේප කල දේ අද ඔහුට සමච්චලයට මෙන් සිනාසී යන අයුරු ඔහුට බලා සිටීමට සිඳුවී ඇත. නාගරිකරණයත් සමඟ  සිදාදියෙන් ගමට නොයෙකුත් දේ ගෙන ඒමත් ගැමියන්ගේ නොදැනුවත් කම හේතුවෙන් සෑම දෙයක්ම් භාර ගැනීමත් සිඳුවෙමින් ඇත. එමඟින් සිඳුවන්නේ ගම විනාශ මුඛයට ඇද දැමීමයි. ගමේ ජිවත් වන ළමා තරුණ පරපුර විනාශ වී යාමයි. ඔවුන් අතට ලැබෙන දේ ඔවුන් යහපතට වඩා අයහපතට ඇද දැමීමට හේතු වනු ඇත. නගරයත් ගමත් වසා ගෙන තිබෙන මෙම ආර්ථික රටාවෙන් මිනිසුන් වෙනමම සංස්කෘතියකට හැඩ ගස්වනු ඇත. අතීතයේ මෙන් ගමේ තිබූ ගැමි සුවඳ අද නැත. සමාජය පිරිහෙමින් ඉදිරියට ඇදේ. අලූතින් සාදා ගත් පාලමම අද ගමේ විනාසයට පාර කපමින් ඇත. පාලම උඩින් ගෙන එන සෑම දෙයක්ම ගමේ ජනතාව  තෝරා බේරාගැනීමකින් තොරව පිළිගැනීමත් සමඟ කාලයත් සමඟ ගමට හෙරොයින්, අසැබි චිත‍්‍රපට, කුඩු ගංජා සිකරට් වැනි මිනිසුන් මානසික ව්‍යාකුලතාවන් ඇති කරන දේ පවා ගම්මානයට ගෙන එන්නට විය.ගමේ තිබූ දේශීය දේ වෙනුවට නොයෙකුත් ආදේශක ගෙන්වන්නට වූ අතර විදේශීය දේ වලින් ගම්මානය වැනසෙමින් ඇත. 










කිරි අම්මාවරුන්ගේ දානය

  හැඳින්වීම:
                                               

                ජාතියක ජීවය රඳාපවතින්නේ මවක් නිසාය. රටක් ජාතියක් පවතින්නේ මවක් නිසාමය. එබැවින් ලොව පූජා වස්තු අතරින් උදාර මාතෘත්වයට හිමිවන්නේ මුල් තැනයි. විශ්වයේ ආරම්භයත් සමඟින් කාලයෙන් කාලයට එක ලෙස වැදුම් පිදුම් ලැබූ මාතෘත්වය ලොව පවතින උත්තරීතර තත්වයකි.  ඒ නිසා මාතෘත්වය පූජනීය කොට සලකමු.  ඒ උදාර මාතෘත්වය වෙනුවෙන් කැපවූ කටයුතු අතරින් මුල් තැනක් ගන්නා කිරි අම්මා වරුන්ගේ දානය අපේ සංස්කෘතියේ කැපී පෙනෙන ලක්ෂනයක් ලෙස සැලකිය හැකිය.  එය අත්‍යාවශ්‍යම කාර්යයක් සේද සලකනු ලැබේ.  පත්තිනි මෑනියන් වෙනුවෙන් කෙරෙන භාරයක් ලෙසින් බිහිවූ කිරි අම්මා වරුන්ගේ දානය මහගු ගුණ දෙන ශාන්ති කර්මයක් ලෙස අදටත් පිළිගනු ලැබේ.

                     සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ දැකිය හැකි දැකිය හැකි විවිධ පුද පිළිවෙත් අතර කිරි අම්මාවරුන් මූලික කරගත් පූජා විශේෂයෙන් කැපී පෙනේ. ගැමි සමාජය තුළ කිරි අම්මාවරුන් උදෙසා පිරි නැමෙන දානය සලකනුයේ  නිරෝගී බව, සෞභාග්‍යය හා සතුට ලබා දෙන්නාවූ පූජනීය පූජා කර්මයක් ලෙසය. එමෙන්ම කිරි අම්මා ජීවමාන පුද්ගල චරිතයක් පමණක් නොව අදෘශ්‍යමාන දේවතාවියක ලෙස ගරු බුහුමන් පුදන හදුනාගත හැකිය. කෙසේ වුවද කිරි අම්මා වන්දනය මෙබඳු වටිනා සංස්කෘතික පසුබිමක් සහිත වූවකි. කෙසේ නමුත් කිරි අම්මා දානය ලංකාවේ සෑම ප‍්‍රදේශයකම පාහේ විවිධාකාරයෙන් සංවිධානය වන ආකාරය අපි දැක ඇත්තෙමු. එමෙන්ම කාලයත් සමඟ පරිසරයට අනූව සංස්කෘතික රටාවන්ට අනූව ප‍්‍රදේශ අනූව මෙහි විවිධ වෙනස්කම් ඇති බව දැක ගත හැකිය. කිරි අම්මා දානය සිඳු කෙරෙන්නේ කුමන පරමාර්ථයක් පදනම් කරගෙනද යන්න මෙහිදී තව දුරටත් සොයා බැලේ. කිරි අම්මාවාරුන්ගේ දානය ප‍්‍රභවය ලැබුවේ කුමන අයුරින්ද යන්න මෙහිදී සොයා බලනු ඇත. අද වන විට එය විවිධ අකාරයෙන් වෙනස්ව ඇති අයුරුත් ඊට බලපා තිබෙන සාධක පිළිබඳවත් මෙහිදී වැඩි දුරටත් සොයා බලනු ඇත (අමරසේකර,2014:7).

                            මෙහිදී සංස්කෘතීන් අතර පවතින අන්තර් සංස්කෘතික ලක්ෂණ පිළිබඳවද අවධාරණය කෙරේ. එක් සංස්කෘතියක ලක්ෂණ තවත් සංස්කෘතියක් සමඟ මිශ‍්‍රව ඇති ආකාරයත් එමඟින් නිර්මාණය වන මුහුන් සංස්කෘතියක ලක්ෂණත් තවදුරටත් විග‍්‍රහ කෙරේ.

             සංස්කෘතීන් දෙකක සංකලනයක් ලෙසින් සැලකිය හැකි කිරි අම්මාවරුන්ගෙ දානය බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණයක් ලෙස පිළිගැනීමට නොහැක්කේ එය දෙවියන් හා බැදුනු කටයත්තක් නිසාය. හින්දු පුරා වෘත්ත හා බැදුනු පත්තිනි මාතාවන් උදෙසා කෙරෙන ආගමික කටයුත්තක් වුවද අද එය සිං‘හල බෞද්ධයින් අතර ජනප‍්‍රිය චාරිත‍්‍රයක් ලෙස බෞද්ධ මුහුණුවරකින් ද පෝෂණය වී ඇත.  හින්දු ආගමට නෑකම් කියන කිරි අම්මා දානය කෙසේ සිංහල සංස්කෘතියට එක්වූයේදැයි කීමට නොහැක.  හින්දු ආගමික බලපෑම් ලංකාවට ආ දා සිට රජවරුනගේ සහායෙන් මේ කටයුතු සිදුවන්නට ඇතැයි සිතිය හැක.   නගරයට වඩා ගම්බද ප‍්‍රදේශයන්හි ඉතාමත් සුලබ ලෙස දැකිය හැකි කිරි අම්මාවරුන්ගේ දානය ඉතාමත් භක්තියෙන් යුතුය ඉටුකරනු ලබන කාර්යයකි.  මේ කාර්යයේදී වඩාත් උනන්දු වන්නේ ගම්බද කාන්තාවන්ය.  වටිනාකම කෙසේ වෙතත් චේතනාවත් ඉන් වන මෙහෙයත් ගැන සිතා සිංහල කාන්තාවන් මේ දානමය කාර්යය ගැන බෙහෙවින් උනන්දු වන බව පෙනේ (සිතිවිලි-පුංචි කතන්දර,2011).



            කිරි අම්මා දානය කාලාන්තරයක් තිස්සේ දේශීය සංස්කෘතිය තුළ මුල් බැසගත් පූජා ක‍්‍රමයක් ලෙස හඳුනාගත හැකිය. නමුත් එහි ප‍්‍රභවය හා විකාශනය සම්බන්ධව විවිධ අදහස් විවිධ මතවාද මිනිසුන් තුල පවතී. ඒ පිළිබඳවද මේ තුළින් සොයා බලනු ඇත. කිරි අම්මාවරුන්ගේ දානය සමඟ බැදෙන සංස්කෘතිකමය රාමුව පිළිබඳවද මෙහිදී සොයා බැලේ.
                      කිරි අම්මා යනු සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ගෞරවණිය චරිතයකි. සාම්ප‍්‍රදායික උඩරට සමාජයේ ව්‍යවහාරිත ඥාති පද මාලාවන්ට අනුව කිරි අම්මා වන්නේ මවගේ හෝ පියාගේ හෝ මෑණියන්ය. පහතරට ඥාති පද මාලාවේ එම තනතුර ආච්චි වුවත් සම්ප‍්‍රදායික උඩරට පවුල තුළ පැරණි පරපුරේ ආදීතම ඥාතිවරිය ලෙස සැලකෙන්නේ කිරි අම්මාය. කිරි අම්මා යනු හුදු ඥාති පදයක් වටා ගෙතුණු චරිතයක් පමණක් නොව සිංහල බෞද්ධයන්ගෙන් බුහුමන් ලබන සුවිශේෂී දේවතාවක් ලෙස පුරාතීතයේ සිට අපේ සංස්කෘතික ඉතිහාසයට එකතු වී ඇති චරිතයක් වීම සුවිශේෂ වේ (අමරසේකර,2014:11)
                                             විශ්මය ජනක ලෙස නමුත් රසවත් පුරාවෘත සමගින් අප අතරට ආ පත්තිනි මෑනියෝ කාන්තාවන්ගේ ඉමහත් ගෞරවාදරයට භක්තියට ලක්වූ දේවතාවියකි.  ඈ වෙනුවෙන් වූ බාර ඔප්පු කිරීම සදහා සිදුවන කිරිඅම්මා වරුන්ගේ දානය බරකින් නිදහස් වීමට කරනු ලබන්නකි.  යම් යම් ලෙඩ රෝග හා වෙනත් ආපදාවන් ඇතිවන්නේ දෙවියන් කෝප වීම නිසා බව අදත් අප අතර පවතින මතයකි.  සත්‍යතාවය කෙසේ වෙතත් එවන් ලෙඩ රෝග වලින් මිදීමට නම් දෙවියන් උදෙසා භාර හාර කල යුතු බව පිළිගැනීමයි. කිරි අම්මාවරුන්ගේ දානයද එබදු විශ්වාස පදනම් කරගෙන සිදුකරනු ලබන්නකි (අමරසේකර,2014:7).
                                     ලංකාවේ ප‍්‍රාථමික ආදීතම ජන කොටසක් සේ සැලකෙන වැද්දන්ගේ නෑ යකුන් ඇදහීමෙන් මෙම කිරි අම්මාවරු පිදීම ඇරඹන්නට ඇතැයි යන මතය ප‍්‍රචලිතය. වැදි ජනතාව සිය දරුවන් කුඩා අවදියේදී මිය ගිය වැදි කාන්තාවන් කිරි අම්මාවරු ලෙස සලකති. සැබවින්ම කිරි අම්මාවරු යනු කවුරුන්ද? ඔවුන් මෙරට සමාජ සංස්කෘතික පසුබිම තුලින්ම උපන් පිරිසක්ද? කිරි අම්මාවරුන් හත් දෙනා පත්තිනි දෙවියන්ගේ නියෝජිතයන් හත් දෙනෙක්ද? නැතිනම් කිරි අම්මාවරු යනු විදේශයෙන් මෙරටට ගොඩ බට වෙනමම දෙවිවරු හත් දෙනෙක්ද? යන්න පිළිබඳව මෙම අධ්‍යයනයෙන් පැහැදිලි කෙරේ (අමරසේකර,2014:7).





  කිරි අම්මාවරුන්ගේ දානයේ ප‍්‍රභවය හා විකාශය:
                          
                        මූලික වශයෙන් කිරි අම්මාවරුන්ගේ දානය දේශීය විදේශීය යක්ෂ හා දේව සංකල්ප සමඟ එකිනෙකට බද්ධව පවතින බව හඳුනාගත හැකිය. එහිදී පත්තිනි දෙවියන් ඇදහීම අරමුණු කරගෙන මෙන්ම රිද්දි බිසෝවරුන් පිලිබඳ කතා ඇසුරින් මෙම සංකල්පය තව දුරටත් ඉදිරියට පැමිණ ඇත. එමෙන්ම වැදි ජනයා අතර පවතින මළවුන් ඇදහීම මූලික වෙමින් දේශීය වශයෙන් මෙම ශාන්ති කර්මය සිංහල ජනයා අතරට පැමිණ ඇත.


වැදි ජන සමාජයෙන් ප‍්‍රභවය ලද කිරි අම්මාවරු    
                                    

                     මෙහිදී පළමුවෙන්ම අවදානයට ලක් වන්නේ වැදි ජන කණ්ඩායම් වල ඇදහීමට ලක් වන කිරි අම්මාවරුන් පිලිබඳවය. වැදි ජන සමාජය තුළ කෙරෙන යාග කර්ම විශ්වාස අතින් මෙය ඉතා වැදගත්ය. තම පරපුරේ කවරකු හෝ මිය ගිය වහාම එම තැනැත්තා යකෙකු හෝ යකින්නියක වී උපත ලබන බව වැදි ජනතාව අතර විශ්වාසයක් පවතී. කිරි අම්මාවරුන් ලෙස වැදි ජනතාව සලකනු ලබන්නේ සිය දරුවන් බිලිඳු වියේදී මිය ගිය කාන්තාවන්ය. නිදසුන් වශයෙන් වැදි ජනයා අතර ගරු බුහුමන් ලබන කිරි අම්මාවරුන් අතර මූලික වූ කුකුළාපොල කිරි අම්මා යනු කුවේණිය බව මතයක් පවතී. මෙලෙස වැද්දන් සහ ඔවුන් අදහන යකුන් ආශ‍්‍රයෙන් කිරි අම්මාවරුන් පිළිබඳව විශ්වාස ප‍්‍රභවය ලබන්නට ඇත. මෙසේ කිරි අම්මා නමින් හැඳින්වෙන මිය ගිය වැදි කාන්තාවන් අතර මීට පෙර මියගොස් යකුන් බවට පත් වූ   වැද්දන්ගේ භාර්යාවෝද සිටිති. කොස්ගම කිරි අම්මා නමින් හැඳින්වෙන්නේ කොස්ගම බණ්ඩාර දෙවියන්ගේ බිරිඳ බව සැලකේ. ඉඳි ගොල්ලේ කිරි අම්මා යනු ගලේ යකාගේ බිරිඳයි. මෙලෙස වැද්දන් සහ ඔවුන් අදහන යකුන් ආශ‍්‍රයෙන් කිරි අම්මාවරුන් පිලිබඳ විශ්වාසය ප‍්‍රභවය ලබන්නට ඇති බව සිතිය හැක. වැද්දන්ගේ ප‍්‍රභවය බලන කල පැහැදිලි වන්නේ ඔවුන්ගේ සංස්කෘතිය ඉන්දියාවෙන් පැමිණි ආර්ය ජනතාව හා කිසි ලෙසකින් වත් බද්ධ වූවක් නොවන බවයි. එහෙත් වැදි සිරිත් හා භාෂා විලාසයන්ගේත් ද්‍රවිඩ ගෝත‍්‍රික ලක්ෂණ ඇත. ආර්ය සංක‍්‍රමණයට පෙර ලංකාවට වරින් වර නිදැල්ලේ සංක‍්‍රමණය වූ ද්‍රවිඩ ගෝත‍්‍රික ජනයාද ලංකාවේ වැද්දන්ට මිශ‍්‍ර වීම එයට හේතුවයි. එහෙත් ආර්ය ශිෂ්ටාචාරයේ කිසිම අංගයක් වැද්ද නොගැනීමට ලාංකීය වැද්දෝ පරෙස්සම් වූහ. වැද්දන් සිංහල කුල සිරිත් අනුගමනය නොකළ නමුදු ඔවුන්ගේ සිරිත් විරිත් හා ඇදහීම් රාශියක් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සිංහල ජනතාව අතරට පැමිණ ඇත. කිරි අම්මාවරුන් ඇදහීම ප‍්‍රදේශ වලින්ද ඒ බව පැහැදිලි වේ (අමරසේකර,2014:7).

                      වැදි ජනතාවගේ ආගමික අදහස් ඔවුන් වෙසෙන පළාත් වල සිංහල ජනයා අතරද තරමක් දුරට පැතිර ගොස් ඇති බවට ඌව, බින්තැන්න, නුවර කලාවිය, තමන්කඩුව ආදී ප‍්‍රදේශ වල කලක පැවති බවට සාධක ඇති කිරි අම්මා නම් දේව පිරිසක් පිලිබඳ විශ්වාසයන් පෙනේ. මේ කිරි අම්මා දෙවිවරු වැදි ජනයා අදහන මිය ගිය ඥාති පිරිසට අයත් වෙති. මේ අනුව පැහැදිලි වන්නේ සිංහල ජනයා අතර පවතින කිරි අම්මාවරුන් ඇදහීම වැදි ජනයා අතරින් සිංහල ජනයා අතරට පැමිණි ජන ඇදහිල්ලක් බවයි. වර්තමානයේ වුවද මෙම ඇදහිල්ල දක්නට ලැබෙන්නේ වැදි ගම්මාන ආශ‍්‍රිතව සහ අතීතයේ වැදි ජනතාව ජිවත් වූවා යැයි සැලකෙන ප‍්‍රදේශ වලය. නිදසුනක් ලෙස බදුල්ල දිස්ත‍්‍රික්කයේ පස්සර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම ඇදහීම වර්තමානයේ වුවද හොදින්ම දැකගත හැකි ප‍්‍රසිද්ධ දේව ඇදහිල්ලකි. මෙම ප‍්‍රදේශයේ මීරියබැද්දේ කිරි අම්මා සහ  පලාගොල්ලේ කිරි අම්මා වෙනුවෙන් ඉඳි වූ ස්ථිර දේවාල දෙකක් තිබෙන අතර එහි දෛනිකව පුජා පවත්වනු ලබයි. පස්සර ප‍්‍රදේශයේ ඇකිරිය නම් වූ ගම්මානයේ වැදි ජනතාව විසූ බව සඳහන් වේ. මෙම ප‍්‍රදේශ වල වර්තමානයේ ආදි වාසින් වාසය නොකලද සිංහල ජනතාව අතරට මෙම ඇදහීම ව්‍යාප්ත වී ඇති බව පෙනේ. මේ කරුණු සැලකීමේදී පෙනී යන්නේ වැදි ජනතාවගේ ඇදහීමක් වූ කිරි අම්මාවරු ඇදහීම සිංහල ජනතාව අතරට ව්‍යාප්තව ඇති බවයි. සංකල්පය පමණක් නොව පූජා විධි රටා වුවද මෙසේ ව්‍යාප්ත විය. එපමණක් නොව කිරි අම්මාවරුන් පිලිබඳ විවිධ ජනශ‍්‍රැතිකාංගද සිංහල ජනතාව තුළින් බිහි විය (අමරසේකර,2014:7).
                                                                               උතුරු මැද පළාතේ කිරි අම්මා දානය පුදන විට පළමුව මංගර කුමරුගේ නම සිහිකර කිරි ඉතිරීමේ සිරිතක් ඇත. සබරගමු පළාතේද මංගර මඩු වලදීද, කිරිමඩුවේද මංගර දෙවියන් පුදයි. ඒ අනුව වැදි ජනතාව පවත්වන කිරි කොරහේ පූජාවේ දී ද කිරිඅම්මාවරු හත්කට්ටුවක්ද, ඌව සබරගමුව සහ උතුරු මැද පළාත්වල කිරි පට්ටි උදෙසා පවත්වන මංගර කුමරුන් ළදරුවන් ලබාදෙන, දරුවන් රැුකබලා ගන්නා උයන්ගොඩ බිසෝවරු ඇතුළු සියලූ දෙනා පත්තිනි දේවියගේ ශාන්ති කර්ම මුල්කොට පහළ වූවක් බව සැලකේ (එදිරිසිංහ,2011).

                                       අද වන විට අප භාවිතා කරන සෞභාග්‍යයේ සංකේතයක් මෙන්ම පාරිශුද්ධත්වයේ සංකේතයක් වන මෙම ”කිරි” යන්න පවා වැදි ජන;ාව අතරින් බිහිවූවක් වන බව සැලකිය හැකිය. මේ අනුව කිරි අම්මාවරුන්ගේ දානය තුළ සිඳුවන චාරිත‍්‍ර විධි පවා වැදි ජන;ාවගේ සංස්කෘතිය තුළින් සිංහල සංස්කෘතියට ඒකාරාශී වී ඇති බව සඳහන් කල හැක.
                                                               කිරි අම්මාවරු සංඛ්‍යාව 07 ක්, 21 ක් ලෙස ජනප‍්‍රවාදයේ සඳහන් වී ඇත. එහෙත් එම සංඛ්‍යාව පිලිබඳ නිශ්චිත අදහසක් ඉදිරිපත් කල නොහැකිය. වැදි ජනතාවගේ ඇදහීම් අතර කිරි අම්මාවරුන් 07 දෙනෙකු වන බව හෙන්රි පාකර් මහතා දක්වා ඇත. එම කිරි අම්මාවරුන් වන්නේ,



  • මීරියබැද්දේ කිරි අම්මා
  • පුෂ්පරාග කිරි අම්මා
  • උනාපාන කිරි අම්මා
  • කොස්ගම කිරි අම්මා
  • බෝවලගෙදර කිරි අම්මා
  • බාලගිරි කිරි අම්මා
  • ගිනිජල් දේවතා කිරි අම්මා


                         වැදි ජනතාව විසින් අදහනු ලබන කිරි අම්මාවරුන් අතර ”කුකුළාපොළ කිරි අම්මා” ට සහ ”ඉඳිගොල්ලේ කිරි අම්මා” ට වැදගත් ස්ථානයක් හිමි වේ. නමුත් පාකර් එම කිරි අම්මාවරු දෙදෙනා මෙහි දක්වා නොමැත.
             හෙන්රි පාකර් මහතා සිංහලයන් අතර පවතින කිරි අම්මාවරුන් සත්දෙනා හඳුන්වා ඇත්තේ මෙසේය. එනම්,

පොළොවේ මහී කාන්තාව
මුහුදේ මහී කාන්තාව
උමයංගනාව
සරස්වතී
සීතා පරමේශ්වර
වල්ලිඅම්මා
පත්තිනි අම්මා යනුවෙනි.

                                                      කරුණු මෙසේ වුවද ලංකාවේ ගැමි ජනතාව අතර ද වැද්දන් අතර ප‍්‍රචලිත කිරි අම්මාවරුන්ට සමාන කිරි අම්මාවරු පිරිසක් අදහනු ලබන බව සි.ද.එස්. කුලතිලක මහතා පවසයි. එනම් මොණරාගල ප‍්‍රදේශයේ    ”කිරි මඩු යාගයට” ඇතුලත් වූ කිරි අම්මාවරු 13 දෙනා  වේ. කිරි අම්මාවරු හඳුන්වන නම් පවා වැදි ජන;ාව අතරින් සිංහල සංස්කෘතියට එකතු වී ඇත. ඌව ජනතාව අතරද වැදි ජන;ාව අතර පවතින කිරි අම්මාවරුන් පිලිබඳ පවතින ඇදහිලි විශ්වාස ඒ අයුරින්ම දැකගත හැකිය. පස්සර,රිදීමාලියද්ද, නුවර කලාවිය, තමන්කඩුව ආදී ප‍්‍රදේශ වලද මෙම ඇදහිලි විශ්වාස සිඳුකරනු ලබයි.
               මෙලෙස කිරි අම්මාවරු රාශියක් පිලිබඳ විවිධ මුලාශ‍්‍රවල සඳහන් වේ. ජනප‍්‍රවාදයේ කිරි අම්මාවරු 07ක්, 21ක් ආදී වශයෙන් සඳහන් වුවද ඉහත දැක්වූ කිරි අම්මාවරුන් පිලිබඳ තොරතුරු සලකා බැලීමේදී නිශ්චිත සංඛ්‍යාවක් සඳහන් නොකළ හැකි බව පෙනේ. එහෙත් කිරි අම්මාවරුන් 07 දෙනෙක් පිලිබඳ සංකල්පය සමාජයේ මුල් බැසගත් සංකල්පයක් ලෙස දැක්විය හැක.එහිදී 7 යන්න බොහෝ අවස්ථා වලදී සමාජයේ භාවිතා වන අතර පැන් කල 7, කිරි කල 7,පූජ වට්ටි 7,මල් හත් වර්ගය යනාදී වශයෙන් 7 යන සංඛ්‍යාව වාසනාවේ සංකේතයක් වශයෙන් ද අද පිළිගෙන ඇත. ඇතැම් විට මෙලෙස හත වැනි සංඛ්‍යාව බලවත් යැයි මෙතරම් විශ්වාස කරනු ඇත්තේ පත්තිනි දේවිය හත් වතාවත් ඉපදී ඇති නිසාවෙන් විය යුතුය. (අමරසේකර,2014(13-15).

ඉන්දියානු ආගමනය තුළින් හඳුනාගත් කිරි අම්මාවරු
                                                     
                 කිරි අම්මාවරුන් පිළිබඳව පවතින මෙම වැදි ජනතාව සම්බන්ධ මතයට අමතරව පවතින තවත් අදහසක් වන්නේ ලක්දිවට පැමිණි දේවත්වයට පත් වූ පිරිසක් යන අදහසයි. මෙම මතයෙන් කියවෙන්නේ කිරි අම්මාවරුන් යනු සාදි යකුන් හෙවත් උඩ යකුන් නම් අයගේ බිරින්දෑවරුන් බවයි. මේ සාදි යකුන් ලෙස හඳුන්වා ඇත්තේ දෙවොල් දෙවි හත් කට්ටුවයි. මොවුහුද පසුව ලක්දිව පැමිණි දේවත්වයට පත් වූහ. දරුවන් නැති සොවින් පෙළුණු මොවුහු දීපංකර බුදුන්ට සළුවක් වියා පූජා කීරීමේ අරමුණින් ලක්දිවට පැමිණෙති. ඔවුහු තමන් වාසය කළ විල්ලෝඞ් දේශයේ සිට ගල් නැව් සතක් සාදවාගෙන පැමිණ සිංහල ද්වීපයට ගොඩ බටහ. මේ සියල්ල සම්පාදනය කොට දෙන ලද්දේ ඔවුන්ගේ ස්වාමිවරුන් වූ සාදියකුන් විසිනි.
   
          බිසොවරුන් පැමිණ ගොඩ බැස්සේ වලවේ ගංමෝයටය. එම ගඟ අසබඩ සරු පොළව දැක කප් සිටුවා ඉන් ඵල ලබාගෙන නොඉඳුල් සළුවක් වියා දීපංකර බුදුන්ට පූජා කරන ලදි. එයින් ලබාගත්තා වූ යහපත් ප‍්‍රතිඵලවලින් සතුටට පත් මෙම බිසෝවරුන් සත්දෙනා වලවේ ගඟ ඔස්සේ රට අභ්‍යන්තරයට ගොස් රන්මුතු ඇල්ලෙහි දිය කෙළිනා අතරතුර දී සැඩොල් කුලයට අයත් තැනැත්තකු විත් එක බිසවක් ස්පර්ශ කිරීම නිසා පතිභක්තියට ඉන් හානියක් වූ බව සිතා එම බිසව ඇල්ලෙන් පහලට පැන දිවි තොර කර ගත්තාය. ඒ අනුව අනෙක් සය දෙනාද දිවි තොර ගත්හ. එහිදී දේවත්වයට පත් ඔවුන් සත් දෙනා පති භක්තිය වෙනුවෙන් දිවි පිදූ හෙයින් පත්තිනි දේවිය වෙතින් වරම් ලබා ගත්හ. එතෙක් පත්තිනි දේවිය වෙනුවෙන් පැවැත්වුණු කිරි පූජාව, කිරි දානය වශයෙන් කිරි අම්මාවරුන්ටද පුද ලබා දෙන ශාන්ති කර්මයක් බවට පත් විය.මෙහිදී පත්තිනි දේවිය පිදීමද මෙලෙස පැවතගෙන එන්නට ඇත. පත්තිනි දේවිය දරුවන් නොමැති කාන්තාවන්ගේ දේව මාතාව වශයෙන් හඳුන්වා දී තිබෙන්නේද එහෙයිනි. පතිභක්තිය නැමැති සාධකය මේ අනුව සිංහල සමාජයට පැමිණ ඇත. අද වන විට පතිභක්තියෙන් තොර කාන්තාවන් සමාජයේ අපකීර්තියට මෙන්ම සමාජයෙන් කොන් වීමට බඳුන්ව ඇත්තේ මෙම සාධකය නිසාවෙනි. මෙම කිරි අම්මා දානයේදී එම අම්මාවරුන් ලෙස වන්දනාමානයට බඳුන් වන්නේ දරුවන් හැදූ වැඩු මෙන්ම පතිභක්තියෙන් යුතුව සිටින චරිතවත් කාන්තාවන්ටය.එය අදටත් සමාජයේ මුල් බැසගත් සංස්කෘතික සාධකයක් බවට පත්ව තිබේග (අමරසේකර,2014:17-18).
                                   
       මේ හා සමානව කතා පුවතක් දැක්වෙන ශාන්ති කර්මයක් වනුයේ රිද්දි යාගයයි. එහි රිද්දි බිසවුන්ගේ උපත් කතාවේ දැක්වෙන්නේ ද මෙයට සමාන කතා පුවතකි. රිද්දි බිසවුන් යනුවෙන් රට යකුමේ දී හඳුන්වන්නේ ද කිරි අම්මාවරුන් බවට පත් වූ දෙවොල් බිසවුන් යැයි යන මතයක් පවතී.මෙම රිද්දි බිසවුන් මෙන්ම දෙවොල් බිසවුන් ද සිංහල ද්වීපයට පැමිණෙන්නේ දරුවන් ලබා ගැනීමේ අරමුණිනි.  අදටත් මෙම රිද්දි බිසවුන් දෙවොල් බිසවුන් සිංහල ශාන්ති කර්ම වලදී පිඳුම් ලබයි.  කිරි අම්මාවරුන්ගේ දානයේ පැවැත්වීමට හේතුවක් ලෙස මෙම දරුවන් ලබා ගැනීමේ පරමාර්ථය ද පෙන්වා දිය හැක.

                        කිරි දානයේදී භාවිතා කරන කිරි අම්මාවරුන් වෙනුවෙන් වන කන්නලව්වේදී පැහැදිලිවම මෙම සිඳුවීම් දක්වා තිබේ. කොත්මලේ ප‍්‍රදේශයේ කිරි අම්මා දානයේදී මෙම සම්පුර්ණ කතාව සහිත කන්නලව්වයි. එහෙත් එහි රට යකුන් පිලිබඳ රට යකුන්ගේ බල බිඳීමට කර පූජා කර්මයක් පිලිබඳ හෝ සඳහන් නොවේ. රට යකුමේ දක්වන ආකාරයට රට යකුන් විසින් වෙසමුණි රජුගෙන් ලබාගත් බලය සර්ව කාලීන නැත. ආතුරයා විසින්ම සළුවක් වියා දීපංකර බුඳුට පූජා කළවිට එම බලය බිඳී යයි. රිද්දි බිසවුන් සිංහලද්වීපයට පැමිණියේ එම බලය බිඳීමට ප‍්‍රතිකර්ම සෙවීමේ පරමාර්ථයෙනි. දෙවොල් බිසවුන් මෙහි පැමිණියේද දීපංකර බුඳුන් වහන්සේට සළුවක් පූජා කිරීමේ අරමුණිනි. එම දෙපිරිසම එකම පිරිසක් වේ නම් එයාකාරයක පූජා පැවැත්වීම ගැටළු සහගතය. එනම් රිද්දි යාගයේදී යකුන් ප‍්‍රධාන වන අතර කිරි දානයේදී වඩා සංවර ලෝකෝත්තර තත්ත්වයකට බර වූ පිරිසක් බවට මේ හත් දෙනා පත් වෙති. ඇතැම් විට රටයකුන්ගෙන් හිරිහැරයට පත් තවත් කණ්ඩායමක් රිද්දි බිසවුන් පැමිණි ආකාරයට විත් කිරි අම්මාවරුන් වූවා විය හැකිය. නැතහොත් දෙවොල් බිසවුන් පැමිණි ලෙසම රිද්දි බිසවුන්ද පැමිණියා විය හැකිය. ඔවුන් පැමිණි මාර්ග සලකුණු එකම වුවද රිද්දි බිසවුන් යනු තමා පැමිණි කාරණය සම්පුර්ණ කර ගත් පිරිසකි. එහෙත් කිරි අම්මාවරුන් යනු තම අරමුණ සම්පුර්ණ කොට ගත්තද පතිදම් වෙනුවෙන් ජීවිතය පිදීම වැනි ඛේදයකට මුහුණ දුන් පිරිසකි.ඔවුන්ගේ ස්වාමිවරුන් හෙවත් දෙවොල් සත් කට්ටුව පැමිණෙන විට ඔවුන් සිය දිවි හානි කරගෙනය. එහෙත් රිද්දි බිසවුන්ගේ ස්වාමිවරුන් පිලිබඳ අදහස ඉටු කරගත් පසු ඔවුන්ට සිදුවූ දෙයක් පිලිබඳ සඳහනක් ජන වහරේ නැත. මෙම රිද්දි බිසවුන් හා කිරි අම්මාවරුන්ගේ කතා පුවත් වල යම් කිසි සම්මිශ‍්‍රණයක් පවතින බව දැකගත හැකිය (අමරසේකර,2014:18-19).
                                       
                                                                                      රිද්දි යාගයේදී ගැබ් නවයකින් යුත් මල් බලිය කිරි අම්මාවරුන් වෙනුවෙන් වෙන් වුවකි. කිරි අම්මාවරු මල් වලට විශේෂ ප‍්‍රිය මනාපයක් දක්වති. කිරි අම්මාවරු වඩිනා කල්හි මල් වරුසා වසින බවත් එම මල් අමුණා මාල ගොතා පළදින බවත් ව්‍යවහාරයේ පවතී.මාතර ප‍්‍රදේශයේ ප‍්‍රචලිත රිද්දි යාගයේදී නව මාලේ බලිය පුද දෙනුයේ කිරි අම්මාවරුන් උදෙසා බවත් එකී කවි වල රිද්දි යන නාමය යොදා ඇත්තේද කිරි අම්මාවරු උදෙසා බවත් ජයසේන කෝට්ටගොඩ මහතා පවසා ඇත. වැඩි දුරටත් තොරතුරු දක්වන ඔහු ”සිංහල යාගයක් ලෙස රිද්දි යාගය රුහුණේදී සැකසී ඇති බවත් ඊට පසුබිම් වී ඇත්තේ ආදිකාලීන ඇදහීමක් වූ කිරි අම්මාවරු පිලිබඳ සංකල්පය බවත් පිළිගැනීමට සිදුවන බවයි.” මේ අනුව පැහැදිලි වන්නේ වැදි ජන ඇදහීමක් වූ කිරි අම්මා සංකල්පය තුළට විවිධ ජනශ‍්‍රැති එක් වී මෙම ඇදහීම වෙනස් මුහුණු වරකින් එම ප‍්‍රදේශ වල දක්නට ලැබෙන බවයි. වැදි ජන ඇදහීමක් වූ ”මහකළු කිරි අම්මාගේ” චරිතය නායක බිසව් ලෙස රිද්දි යාගයට සම්බන්ධ වී ඇත. කපු කැටීම සංකේතවත් කරමින් කපු යක්කාරිය තුළින් ඉදිරිපත් වන්නේ කුවේණියගේ චරිතයයි. ආදිවාසීහු කුවේණිය ”කුකුළාපොළ කිරි අම්මා” ලෙස හඳුන්වති. මේ අනුව දකුණු පළාතේ ප‍්‍රචලිත රිද්දි යාගයේදී රිද්දි බිසව් සත් දෙනා පිළිබඳ සංකල්පයද පුරාණ වැදි විශ්වාසයේ පවතින කිරි අම්මාවරුන් පිලිබඳ ඇති විශ්වාසය හා මුසුව තිබේ (අමරසේකර,2014:23-24).



පත්තිනි අම්මා    



                      පත්තිනි දේවිය උපන් වාර අනුව ඇය සත් පත්තිනි දේවිය ලෙස හඳුන්වන ආකාරයට කිරි අම්මාවරුන් හත් දෙනාද පත්තිනි දේවියගේ මූර්තියක් ලෙස සැලකිය හැකි බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ අදහසයි. වර්තමානයේ බොහෝ දෙනා පත්තිනි දේවිය කිරි අම්මා ලෙස සලකයි. එහෙත් පත්තිනි දේවිය හා කිරි අම්මා යනු දේවතාවියන් දෙදෙනෙකු බවට තොරතුරු ලැබී ඇත. කිසිඳු හේතුවක් නිසා කිරි අම්මා පත්තිනි දේවියට සමාන කල නොහැකිය. සමාජයේ සිදු වූ නොයෙක් බලපෑම් සහ ආක‍්‍රමණ නිසා මෙම සංකල්ප දෙක සංකලනය වී ඇති බව පෙනේ. පත්තිනි යන්නෙහි අර්ථය ”ස්වාමිභක්තිය ඇති බිරිඳ” යන්නයි.  ”පති+ව්ර්ත” ස්ත‍්‍රිය යන අදහසද පතිනි යන්නෙහි ගැබ්ව ඇත. සිංහල බෞද්ධයන් පුද පූජා පවත්වන භාරතීය ප‍්‍රභවයක් ඇති දෙවිවරුන් අතර ප‍්‍රධාන තැනක් හිමි වන්නේ පත්තිනි දෙවියටයි. පත්තිනි යන්න සංකල්පය මෙරට ආරම්භ වූයේ කුමන අවධියකද  නිශ්චිතව කිව නොහැකිය. එය ගජබා රජු දවස දකුණු ඉන්දියාවේ සිට මෙරටට ගෙනෙන ලද්දක් බව ඓතිහාසික ග‍්‍රන්ථ වල සඳහන් වේ.

                         සොලී දේශයට ගොස් සොළීන් පරදවා ජයගත් ගජබා රජු පත්තිනි දේවියගේ පා සළඹක් ශිව දේවාලවල දෙවියන්ගේ ආයුධත් වළගම්බා රජු දවස ගෙන යන ලද පාත‍්‍ර ධාතුවක් ලක්දිවට රැුගෙන ආ බව එම ග‍්‍රන්ථවල තවදුරටත් සඳහන් වේ. එතැන් පටන් පත්තිනි ඇදහීම ලක්දිව ජනයා අතර ප‍්‍රචලිත වන්නට ඇතැයි විශ්වාස කෙරේ. (අමරසේකර,2014:24).

                                   මෙලෙස පත්තිනි දේවිය පිලිබඳ සංකල්පය ලංකාවට ඉන්දියාවෙන් සංක‍්‍රමණය වී ඇති අතර අද වන සිංහල බෞද්ධයන් අතර බෙහෙවින් වන්දනාමානයට බඳුන් වීමත් ගරු බුහුමන් කිරීමත් දක්නට ලැබේ. පත්තිනි යන වදනින්ම කියවෙන පතිව‍්‍රතාව පිලිබඳ, පිරිසිඳු බව පිලිබඳ අදහස අද සමාජය තුළ පමණක් නොව කලක පටන් සමාජයේ මුල් බැසගත් කාරණයක් බවට පත්ව තිබේ. කාන්තාවක් පතිවත පණ මෙන් රැුකිය යුතු බවත් පතිවත නොරකින කාන්තාව සමාජයට පිළිලයක් ලෙසත් පිළිගැනීමට තරම් මෙම සාධකය හේතු වී ඇත. එමෙන්ම රිද්දි බිසවුන් තමන්ගේ පතිභක්තිය වෙනුවෙන් දිවි පිදූ අතර අද සමාජයේ සැමියා මළ ස්ත‍්‍රිය සමාජයේ අසුභ සංකේතයක් ලෙස සලකනු ලබයි. ඔවුන් වෙනත් පිරිමි කෙනෙක් සමඟ විවාහ වීමද සමාජයේ නොපිළිගත් කාරණයක් බවට පත්ව තිබේ.

                    තවත් මතයක් වන්නේ කිරි අම්මා සංකල්පය ඉන්දියාවේ ආරම්භ වූ බවයි. ඉන්දියාවේ හිමාලය ප‍්‍රදේශයේ වාසය කරන වැද්දෝ දඩයමට යනවිට ”ගිරි අම්මන්” වෙත බාර වෙයි. එනම් මේ මහා වනයේ දී කිසිඳු අනතුරක් නොවී තමන් රැුක දෙනු පිණිසය.ගිරි අම්මා යනු පර්වත වාසී මාතාව, පර්වත වාසී දෙවගන යන අරුතිනි. හිමාලය සමීපයේ වෙසෙන මොවුන් ගිරි අම්මා යනුවෙන් සලකන්නට ඇත්තේ පාර්වතියට විය හැක. උපත් කතා වලට අනුව පත්තිනිය, කිරි අම්මාවරුන් මෙන්ම ඇයද පති භක්තියෙන් යුතු කාන්තාවකි. මේ අනුව එක හා සමාන මෙම සියලූම චරිත මෙහිදී එකම චරිතයකට ආරෝපණය කිරීමට පසුකාලීනව පෙලෙඹන්නට ඇතග අද වන විට කිරි අම්මා දානයද වැඩි වශයෙන්  සිඳුවන්නේ යම් කිසි ලෙඩ රෝගයක් වැළඳුනු විට එම ලෙඩ රෝගයන් ඉක්මනින් සුව වීමටත් ප‍්‍රාර්ථනා කරමින් පඬුරක් ගැට ගසා පසුව කිරි අම්මා දානයක් දෙනු ලබයි. එමෙන්ම ලෙඩ රෝග ව්‍යාදීන් මෙන්ම අපල උපද්‍රව දුරු කර ගැනීම සඳහාත් මෙම ශාන්ති කර්මය සිඳුකරනු ලැබේ. මෙලෙස මිනිසුන්ට සිඳුවන අනතුරු වළක්වා ගැනීමට මෙවැනි දානයන් සිඳුකිරිම එදා සිටම අද දක්වා පැවත එන්නකි.

                   මේ සඳහා ඔවුන් භාවිතා  කරනුයේ තමා භාවිතයට ගන්නා එදිනෙදා පැවැත්මට අවශ්‍යම දඩමස්,බුලත් ආදී ද්‍රව්‍යයන්ය. සමාජය හා සංස්කෘතීන් අනුව වෙනස් වී පොදු ජනතාව අතරට මෙම පූජා ක‍්‍රමය සංක‍්‍රමණය වීමෙන් හෝ මෙම පූජා කර්මය පෙර පැවති සමාජය දියුණු වීමෙන් පසු ඒ සමාජයේ එදිනෙදා පැවැත්මට අවශ්‍ය ද්‍රව්‍ය මෙම දානය සඳහා යොදා ගත්තා විය හැක.  ඒ අනුව සිංහල බෞද්ධ සමාජයක් හා සංස්කෘතියක් ඇතිවීමෙන් එහි දැක්වෙන අවිහිංසාවාදී බව නිසා දඩමස් ආදිය ඉවත් වී මෙවන් දැහැමි සමාජයකට අයත් ද්‍රව්‍යද මෙම දානයට එක් වූවා විය හැකග මෙහිදී සංස්කෘතික වශයෙන් මෙන්ම අපගේ ආගමට අනුව එම දානමය කටයුතු සුදානම් කිරීම සිඳුවේග   (අමරසේකර,2014:25).

                     කුවේණි යක්ෂණිය විසින් විජය රජුගේ සේනාවට හැට හතරක් උවදුරු වසංගත රෝග මවා පෑ අතරපත්තිනි දේවිය තමාගේ උතුරු සලූවෙන් පවන් සලා පෙරකී රෝග සුව කල බවත් එතැන් පටන් කිරි අම්මාවරුන් හත් දෙනෙකුට භාර වී දානය දීමේ චාරිත‍්‍රය ඇතිවූ බවත් සඳහන් වේ(විදානපතිරණ,2005).

                               අන්තර් සංස්කෘතික සන්නිවේදනයේ මූලික න්‍යායන් ඉදිරිපත් කලවුන් අතර එඞ්වඞ්.ටී.හෝල් විශේෂ තැනක් ගනී. මානව විද්‍යාඥයකු මෙන්ම අන්තර් සංස්කෘතික පර්යේෂකයකු වශයෙන් කටයුතු කරන  ඔහු ඉදිරිපත් කර ඇත්තේ එක් එක් සංස්කෘතීන් තුළ වෙසෙන පුද්ගලයන් තුළ වසා සිටින ආත්මීය හා කායික සංස්කෘතික සංඝටක පෙන්වා දී ඇත. ඔහු රචනා කරන ලද ”ඔයැ ීසකැබඑ ඛ්බටම්ටැ” නමැති කෘතියෙන් පෙන්වා දෙන්නේ එකවර  සංස්කෘතික කුසලතාවන් ගණනාවක් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි.එමෙන්ම පුද්ගලයකු එක් සංස්කෘතියකට අනුගතවනවාට වඩා සංස්කෘතීන් කිහිපයක් සමඟ බැඳී ඇති ආකාරයයි.

                          කිරි අම්මාවරුන්ගේ දානය තුළද ඇතුළත් වන්නේ වැදි ජනතාවගෙන් පමණක් පැමිණි එක් සංස්කෘතියක ලක්ෂණ නොවේ. එයට විවිධ සංස්කෘතික ලක්ෂණ එකතු වී ඇත. එහිදී වැද්දන්ගෙන් එක් වූ කොටසක් පවතින අතර ඉන්දියානු සම්භවයෙන් පැමිණි කොටසක් වේ. එහිදී ඉන්දියාවෙන් සම්භවය වූ කිරි අම්මාවරුන් පිලිබඳ සංකල්පයද කොටස් දෙකකින් යුක්ත වේ. එකක් ඉන්දියාවේ සිට පැමිණි රිද්දි බිසවුන්ගේ කතාවයි. අනික ගජභා රජු දවස දකුණු ඉන්දියාවෙන් රැුගෙන ආ පත්තිනි සංකල්පය හේතුවෙන් බිහිවූවක් වන බවයි. මිනිසා ජීව විද්‍යාත්මකව වෙනස් වීම් වලට ලක් වනවාට වඩා වැඩි වේගයකින් සංස්කෘතික වටිනාකම්, තාක්ෂණය වැනි දේ හේතු කොට ගෙන වෙනස් වීම් වලට ලක් වන බවයි.මෙහිදී සංස්කෘතික වටිනාකම් හේතුවෙන් අද වන විට මෙම ශාන්ති කර්මය මිනිසුන් විසින් වැළඳගෙන ඇති අතර බෙහෙවින් වැදගත් කොට සලකයි.
                                                                          එම දානයේදී සිඳුකරනු ලබන චාරිත‍්‍ර විධි ඔස්සේද ඒ බව වඩාත් හොඳින් තේරුම් ගත හැකිය. භාර හාර වී පේවී මෙම චාරිත‍්‍ර විදි සිඳුකරනු ලැබේ. මෙම කටයුත්තේ පවතින සංස්කෘතිකමය වටිනාකම අගය හේතුවෙන් මේ අයුරින් සිඳුකරනු ඇත. මේ අනුව එඞ්වඞ්.ටී.හෝල් විසින්  දක්වා තිබෙන මේ අදහස් ඒ අයුරින්ම මෙම සංස්කෘතිකමය කටයුත්තෙහි ගැබ්ව ඇති බව පෙන්වා දිය හැකිය.


  කිරි අම්මාවරුන්ගේ දානය   



කිරි අම්මා දානයේ මුලික ලක්ෂණ:

                         පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව ලබා ගැනීම උදෙසා පැවැත්වෙන පූජා හා බාරහාර වීම් අතුරින් ඉතා වැදගත් වන්නාවූ ශාන්ති කර්ම විශේෂයක් වශයෙන් සැලකෙන්නේ කිරි අම්මාවරු සත් දෙනෙක් විෂයෙහි පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානයයි. මෙහිදී කිරි අම්මාවරුන් උදෙසා දානයක් පිරි නැමීමට පෙර පත්තිනි දේවියට බාරවිය යුතුයි. දෙවියන්ට බාරවීම යනුවෙන් අදහස් කරන්නේ ලෙඩ රෝග දුරු වීමට, ගොවිතැන් කටයුතු සාර්ථක කර ගැනීමට මෙන්ම පුද්ගලයකුට මුහුණ පාන්නට වන අතුරු ආන්තරාවක් ලෙඩක්, දුකක්, කරදරයක්, සමනය කරගැනීම සඳහා අසවල් සෙත් ශාන්තිය, පුදපෙත් දීම, අසවල් දිනට පෙර කරන්නෙමියි යන පොරොන්දුව මත දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව පැතීමයි. මෙය වැදි ජනතාව විසින්  ර්‍ණගිරි අම්මන් ඇදහීම” හා සම්බන්ධ වේග  ප‍්‍රාදේශීය වෙනස් කම් අනුව දෙවියන් භාරවන ආකාරවලද වෙනස්කම් දක්නට ලැබේ. කුමන අයුරින් එය සිඳු කලද පළමුවෙන්ම පිරිසිඳු වී තෙරුවන් ගුණ සිහි කර එය සිඳුකල යුතුය. වෙනත් සංස්කෘතියකින් පැවත ආවද අපගේ සංස්කෘතික ලක්ෂණ එහි ප‍්‍රමුඛ වී ඇත.



  • කිරි අම්මාවරුන්ට දානයක් දීමට බලාපොරොත්තුවන නිවැසියෙකු හෝ එමගින් පිහිට ආරක්ෂාව ලබා ගැනීමට බලාපොරොත්තුවන තැනැත්තා අදාළ කාරණය සිතාගෙන පඬුරු ගැට ගසා භාරවීම එක් ක‍්‍රමයකි. මෙහිදී බොහෝ විට දෙහි ගා පිරිසිඳු කල කාසියක් ගනී. දෙවියන්ට පොරොන්දුවක් දී පඬුරක් වෙන් කල විට එය පූජා භාණ්ඩයකි. බොහෝ විට ගෙමිදුලේ අත්තක එය ගැට ගසා කන්නලව් කරයි.





  • මාස තුනක් පමණ වූ කෙසෙල් ගසක අතු බැඳ එහි කෙසෙල් කැන් ඉදවා කිරි අම්මාවරුන්ට දානයක් දෙන බව සිහි කරමින් භාර වීම. එසේම කෙසෙල් කැන ගසේ තිබියදී එය ඉදවා දානයක් දෙන බව සිතා භාර වීම. කෙසෙල් ගසේ අතු බඳින විට ලෙඩ දුක් කරදර වෙත් නම් එයින් අත්මිදේවායි සිතා බාරවීම් සිඳුකරයි.





  • පොල් ගසක ගොක් කොලයක් ගැට ගසා එය වෙන් කොට තබා එයින් කිරි අම්මාවරුන්ට දානයක් දෙන බව සිතා භාර වීම. මෙහිදී යම්කිසි ප‍්‍රාර්ථනයක් කර එය ඉටු වූ පසු කිරි අම්මාවරුන්ට දානයක් දෙන බව පොරොන්දු වීම.

  • ඇතැම් පෙදෙස් වල බාර වීමේ අවස්ථාවන් ලෙස ”අඩුක්කු තැබීම” සිඳු වේ. මෙහිදී සහල් සහ හත් මාළුව යනුවෙන් එළවළු හත් වර්ගයකින් එක්තරා ප‍්‍රමාණයකට ගෙන මිරිස්, ලූණු, කහ යනාදියද පෙට්ටියක වැනි භාජනයක තැම්පත් කොට එයට දුම්මල හෝ කට්ටකුමන්ජල් දුම් අල්ලා කපුරාල කෙනෙකු විසින් කන්නලව් කර ගෙදර උස් ස්ථානයක තබනු ලැබේ.





  • මිට අමතරව පඬුරක් ගැට ගසා තමන් සිතින් සිතාගෙන භාරවීමද නැතිනම් කිරි අම්මාවරුන්ට දානයට සහභාගී වන ප‍්‍රධාන කිරි අම්මා කැදවා ඇය මගින් දානයට භාර වීමද සිඳුවේ (අමරසේකර,2014:67-68).



                                                                   සංස්කෘතික වශයෙන් වෙනස් වීම රටකින් රටකට මෙන්ම අප රටේ විවිධ පළාත් අනුවද වෙනස් වන බව දැකගත හැකිය.

                                           අම්මාවරුන්ගේ ලෙඩ ලෙස සැලකෙන රෝග රැුසක් ඇතැයි සලකන ගැමියන් ඒවායෙහි ඇති භයානකකම ගැන සිතා බේත් කිරීමට පෙර බාර හාර වීමෙන් හිත හදා ගනිති.  එවන් විටෙක පත්තිනි මෑනියන් උදෙසා භාරයක් වීම අදටත් අපේ ගැමියන් අතර තිබෙන සිරිතකි.  සරම්ප, කම්මුල්ගාය වැනි රෝග මේ අතුරින් මුල් තැනක් ගනී.  මෙවැනි රෝගයක් තමන්ගේ ගෙදර කිසිවෙකුට වැළදුනු විට ගම්බද ගෘහ මූලික කාන්තාව කරන්නේ පත්තිනි මෑනියන් උදෙසා කිරි අම්මාවරුනගේ දානයක් දෙන ලෙසට බාර වීමයි.  එපමණක් නොව තද උණක් වැළදුනු විට පවා ගම්බද අම්මලා මෙම දානය දීමට සූදානම් කරති.

                                         අසනීප දුක් කරදර නිමවූ මොහොතේ සිටම බාරය ඔප්පු කිරීමට සූදානම් වන වනිතාව ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය එක් රැුස්  කරන්නේ මහත් බලාපොරොත්තුවකිනි.  කවර හෝ කරදරයක් වූ මොහොතක ඇය සිතන්නේ එවැනිදේ වන්නේ බාරය ඔප්පු කිරීමට නොහැකි වූ නිසා බවයි.  එනිසා හැකි ඉක්මනින් බාරය ඔප්පු කිරීමට කටයුතු සලසයි.  සියලූම අවශ්‍ය දේ සපුරාලීමෙන් පසු ඈ බලාපොරොත්තු වන්නේ මව්වරුන්ට ඇරයුම් කිරීමයි (සිතිවිලි-පුංචි කතන්දර,2011).

                           වර්තමානයේ බොහෝ ප‍්‍රදේශ වල ගෘහාශ‍්‍රිතව පවත්වනු ලබන කිරි අම්මාවරුන්ගේ දානයේ පුදනු ලබන්නේ පත්තිනි දේවියගේ මූර්ති හතකි. මෙය වැදි හා වැදි වාස භූමි සමීප ප‍්‍රදේශ වල පවතින කිරි අම්මාවරු පිදීමට හාත්පසින්ම වෙනස්ය. කිරි අම්මා යනු ලාංකික සමාජයේ ප‍්‍රභවය ලැබ ඒ ඒ ප‍්‍රදේශ වලට සුවිශේෂිතව සශ‍්‍රිකත්වය හා ආරක්ෂාව පතා පුද ලබන පිරිසක් වුවද කිරි අම්මා පිදීම යනු පත්තිනි දෙවඟනගේ මූලිකත්වයෙන් සිඳුකෙරෙන ඇදහීමක් බව වර්තමාන ලාංකික අර්ධ නාගරික හා නාගරික සමාජ වල පවතින විශ්වාසයයි.





  • කිරි අම්මාවරුන්ගේ දානය සඳහා අම්මාවරුන් තෝරා ගැනීම:



                                                                 දානය පිරිනැමීමට බලාපොරොත්තු වන දිනට පෙර දින හෝ ඊටත් කලින් දින උදාර මව් ගුණයෙන් පිරි මව්වරුන් සොයා බුලත් හුරුල්ලක් රැුගෙන නිවසින් පිටත් වෙයි.බුලත් හුරුල්ල පිරිනමා ඇරයුම් කරනු ලබන මව්වරුන් ගැන ගෘහනිය තුල උදාර විශ්වාසයක් ඇති බව පෙනේ.  දරුවන් මුනුබුරු මිනිබිරියන්ගේ ඇසුර ලද ඔවුන් කරා ඇගේ අවධානය යොමු වෙයි.  මව්වරුන් ඇයගේ ඇරයුම් ආදරයෙන් පිලිගන්නේ ඒ තුලින් ලැබෙන උදාර ගුණයන් නිසාය. මෙහිදී විශේෂයෙන් ඇරයුම් ලබන්නේ හත, දාහතර, විසිඑක වැනි හතෙන් බෙදෙන සංඛ්‍යාවකි.  අඩුම සංඛ්‍යාවේ මව්වරුන් සත් දෙනෙකි (සිතිවිලි-පුංචි කතන්දර,2011).
    කිරි අම්මාවරුන්ට දානයක් සඳහා අම්මාවරුන් තෝරා ගැනීමේදී ඒ ඒ ප‍්‍රදේශයට අනුව දක්නට ලැබෙන වෙනස්කම් කිහිපයකි.
                      
  බොහෝ ප‍්‍රදේශවල මේ සඳහා තෝරා ගන්නේ දරුවන් හදා වඩා මේවන විට දරුවන් වදා සිටින යහපත්, සිල්වත් ආදී ගුණධර්මවලින් ගැමියන්ගේ ප‍්‍රසාදයට ලක් වූ අම්මාවරු හත් දෙනෙකි.   ලංකාවේ දකුණු පළාතේ ඇතැම් ප‍්‍රදේශවල කිරි අම්මාවරුන්ට දානයක් පිරිනැමීමේදී ඒ සඳහා ආරාධනා ලබන්නේ කුඩා දරුවන් ඇති අම්මාවරු හත් දෙනෙක් බව පවසති. විශේෂයෙන් දරුවන් හට කිරිදෙන මව්වරු මෙම දානයට ආරාධනා ලැබීමට නියම සුදුස්සන් වන බව පුරාණ පොත් පත් වල සඳහන් වේ (අමරසේකර,2014:67-68).
                         
 මීට අමතරව කිරි අප්පෝ නමින් හැඳින්වෙන පිරිමියෙක් ද ඇතැම්විට ඒ සඳහා සහභාගී වන බව පොත් පත් වල සඳහන් වේ. කෙසේ වුවද කිරි අම්මාවරුන්ගේ දානය සඳහා ආරාධනා ලබන අම්මාවරුන් පිරිසිඳු චරිත ඇති කාන්තාවන්, දරුවන්ට කිරිදුන්. ගුණ යහපත් ගති ඇති කාන්තාවන්විය යුතු බවට ජනයා විශ්වාස කරති. කිරි අම්මාවරුන්ට දාන සඳහා ආරාධනා ලැබීමට නුසුදුසු යැයි සිතන  පිරිසක්ද ඇත.



  • ඉතා මහළු හැරමිටි වාරුවෙන් ගමන් කරන අය
  • සුවකළ නොහැකි කුෂ්ඨ ආදී රෝග වලින් පෙලෙන්නන්
  • දෙනෙත් අන්ධ හෝ බිහිරි අය
  • උපතින් හෝ පසු කලකදී අත් පා සිදීම් ආදී අංග විකල වූවන්
  • අංශබාග හෝ අපස්මාර රෝගී කාන්තාවන්
  • දරුවන් ලැබූ, ලැබූ දරුවන් සියළු දෙනාම මියගොස් ඇත්නම්
  • සැමියා මිය ගිය වැන්දබු කාන්තාවන්
  • දරුවන් නොලැබූ වඳ ස්ත‍්‍රීන්
  • මස්,මාළු විකුණන කාන්තාවන්
  • මත් ද්‍රව්‍ය භාවිතා කරන ස්ත‍්‍රීන්.
  • නපුරු නිතර දබර කරන, කේලාම් කියන ස්ත‍්‍රීන්.
  • ගණිකාවන්.



පත්තිනි දෙවියෝ.. සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි, සත් පත්තිනි, යන නම් හත වෙනුවෙන් කිරි අම්මා වරු හත් දෙනෙකු දානයට ඇරයුම් ලබයි. මෙලෙස කිරි අම්මා දානයට ඇරයුම් ලබන්නේ දරුවන් ඇති, ස්වාමි භක්තිය ඇති ආගමානුකූලව ජීවත්වන කුලවත් ස්ත‍්‍රීන්ය (රණසිංහ,2013).
          
 පළමු කොට මේ දානය සඳහා තෝරා කිරි මව්වරුන් බුලත් දී ආරාධනා කරති. බදාදා හෝ සෙනසුරාදා වැනි කෙම්මුර දිනක අලූයම් කාලයෙහි බාරය ඔප්පු කිරීමට ආරාධනා ලැබූ කිරි මව්වරුන් අදාළ නිවසට පැමිණේ.



  • පේවීම


කිරි මව්වරුන්ගේ දානය දීමට එහි මුල් අවස්ථාවේ සිටම පේවීමක් හා කල්තියා අප කැප වීමක් අවශ්‍යය. වත් පිළිවෙතක සාර්ථකභාවය ඇතිවීමට නම් පේවීම හෙවත් කිල්ලෙන් ආරක්ෂා වීම,පිරිසිඳු වීම ඉතාමත් අවශ්‍ය වේ. අතීතයේ රිද්දි බිසවුන් දීපංකර බුඳුන්ට පූජා කළේ නොඉදුල් සළුවකි. එහි ආනුභාවයෙන් ඔවුන් යහපත් ප‍්‍රතිඵල උදා කර ගත්හ. එමෙන්ම ඔවුන් දැඩි වෙහෙස මහන්සියෙන් කපු සිටුවා ඉන් ඵල ලබා ගත්හ. මෙම රිද්දි බිසවුන්ගේ කතාවට අනුව කිරි මවුවරුන්ගේ දානයේදීද අම්මාවරුන් සේම නිවැසියන්ද දැඩි ලෙස පිරිසිඳු වීමත් කිලි වලින් ආරක්ෂා වීමත් සිදු වේ. එමෙන්ම කිසිඳු කිළුටක් නොමැතිව එය සිඳුකිරීමෙන් යහපත් ප‍්‍රතිඵල ලබා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. දානය දීමට සුදානම් වන කාලයේදී නිවැසියන්ද, කිරි මව්වරුන්ද කෑම, බීමෙන් සැලකිලිමත් විය යුතුය. මස්,මාංශ, පුළුටු මෙන්ම වැඳුම් කිල්ල, මල්වර කිල්ල, මරණ කිල්ල වන අතර වැඳුම් කිල්ල භයානකම කිල්ල ලෙස පිළිගැනේ.  ස්ත‍්‍රී, පුරුෂ සංවාසයේ යෙදීමද අනිටු විපාක ගෙන දෙන බව විශ්වාස කෙරේ. දානය දීමට පෙර අඩු තරමින් දින තුනක් වත් පේ විය සිටිය යුතුය.



  • කිරි අම්මාවරුන්ගේ දානයක් පිරිනැමීමේ අරමුණු:


ග‍්‍රාමීය සමාජ තුළ වැසියන්ගේ පරමාර්ථ අතර ප‍්‍රමුඛ වන්නේ තම ජිවන කාර්යයට අවශ්‍ය පරිසරයක් ගොඩ නඟා ගැනීම සඳහා දෙවිවරුන්ගෙන් පිහිට ආරක්ෂාව පැතීමයි. මෙහිදී ගැමි ජීවිතයට ඉතා සමීප දෙවඟනක් වන පත්තිනි දේවිය වෙනුවෙන් මෙම ශාන්ති කර්මය ඉටු කරන්නේ,



  1. මිනිසුන්ට වැළදෙන බෝවන රෝග,වෙනත් ලෙඩ රෝග, අපල උපද්‍රව වලින් වැලකීම.
  2. ගැබිණි මව්වරුන්ට හා කුඩා දරුවන්ට යහපත, පිහිට, ආරක්ෂාව ප‍්‍රර්ථනා කිරීම.
  3. සශ‍්‍රිකත්වය ලබා ගැනීම හා එදිනෙදා කටයුතු යහපත්ව කරගෙන යාම.



මිනිසුන්ට වැළදෙන බෝවන රෝග වලට ”දෙවියන්ගේ ලෙඩ” නොහොත් ”අම්මාවරුන්ගේ ලෙඩ” යයි කීමට මිනිසුන් පුරුදු වී ඇත. එහිදී මුලික වන්නේ බෝවන රෝගයක් වැලදී විට පත්තිනි දේවියට පඬුරක් ගැටගසා හෝ වෙනත් අයුරකින් භාර වී කිරි මව්වරුන්ට දානයක් පිරිනමන බවට පොරොන්දු වීමයි.විශේෂයෙන්ම සරම්ප,කම්මුල්ගාය,පැපොල ආදී බෝවන රෝග සුව කිරීම පත්තිනි දේවියගේ ප‍්‍රධාන කාර්යයකි. ඊට අමතරව ඇස්වහ,කටවහ,හෝවහාවැනි දෝෂ වලටද දිගුකාලීන පවතින හොරි, දද, කුෂ්ඨ, වන ආදී රෝග වලින් සුවය ලැබීමටද නියඟය, සාගතය,ආදී විපත් වලින් ආරක්ෂා වීමටද මෙය සිඳුකරයි. කුඩා දරුවන්ට වැළදෙන රෝග වලින් ආරක්ෂා විමටත් ගර්භනී මව්වරු දරු ප‍්‍රසූතියට පෙර සිටමත් පත්තිනි මෑණියන්ට භාර වේ. දරුවන් නැති කාන්තාවන්ද තමන්ගේ දුක කියා පිහිට ප‍්‍රාර්ථනා කරයි (අමරසේකර,2014:70-71).
                       වැදි ජනයා හා සිංහල ජනයා කිරි අම්මාවරු ඇදහීම සිඳුකරන්නේ,


  • දරු ඵල ලබා ගැනීම
  • දරු ගැබ ආරක්ෂා කර ගැනීම
  • උපන් බිලිඳුගේ ආරක්ෂාව මූලික කර ගනිමිනි.    වැදි ජනයා තවත් අරමුණු දෙකක් අරබයා මෙය සිඳුකරයි. එනම්,
  • දඩයම් සඵල කරගැනීම
  • බඹර පැණි සොයා ගැනීම ආදී තමන්ගේ මූලික අවශ්‍යතාවක් වන ආහාර ලබා ගැනීම හා කුසගිනි දුරු කර ගැනීමේ පරමාර්ථයෙන් මෙම යාගය සිඳුකරයි.



                                      එදා වැදි ජනතාව ගිරි අම්මන් ලෙස පුද පූජා පැවැත්වූයේ තමන්ට දඩයමේ යාමේදී සිඳුවන අනතුරු කරදර වලින් ආරක්ෂා වීමටයි. එලෙස අදත් කිරි අම්මාවරුන්ගේ දානයෙන් සිඳුවන්නේ අනතුරු, ලෙඩ රෝග, ස්වාභාවික විපත් වලින් ආරක්ෂා වීම වෙනුවෙන් සේම සෞභාග්‍යය උදා කර ගැනීමයි.එය වැදි ජනතාවගෙන් අපේ සංස්කෘතියට ආදේශ කර ගත්තකි.

     ඇතැම් නිවෙස් වල අවුරුද්දකට වතාවක් කිරි අම්මාවරුන්ට දානයක් දීමට නිවැසියෝ පුරුදු වී ඇත. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ ඒ ආනිශංසය නිසා ගොවිතැන් කටයුතු හා ගෙදර දොරේ දියුණුව ඇතිවී ඇස්වහ කටවහ දෝෂ නිවසට නිවැසියන්ට ඇත්නම් ඒවා දුරු වන බවයි. පත්තිනි දේවිය ගහකොළවලට අධිපති දෙවඟනක් වශයෙන් සලකන නිසා ගොවිතැන් කටයුතු වල සශ‍්‍රිකත්වය වෙනුවෙන්ද කිරි මව්වරුන්ගේ දානය සුදානම් කරණු ලබයි.



  • කිරි අම්මාවරුන් නිවසට පැමිණීම:        


මෙහිදී නිවසේ කඩුල්ල ලඟට පැමිණ කවි කීපයකින් තමන් පැමිණි බව දන්වන අතර කිසිවක් කතා නොකර නිවස දෙසට පැමිණෙන ඔවුන්ගේ දෙපා කහ දියර හා දෙහි කැබලි දැමූ ජලයෙන් සෝදනු ලැබේ. ජලය පිරුණු භාජන සුභ සංකේතයක් ලෙස මෙහිදී යොදා ගනු ලබයි.නිවසට පැමිණීමට පෙර ද නාථ,විෂ්ණු,කතරගම හා ගම්බාර දෙවියන්ගෙන්ද සමන්,ගණපති හා සත් පත්තිනි දෙවියන්ගෙන්ද අවසර ගනු ලබයි. කවි ගායනයෙන් අනතුරුව පිළිවෙලින් නිවසට ඇතුළු වූ කිරි අම්මාවරු හඳුන් කිරිපැන් ඉස, බිම පැනවූ සුදු රෙදි ඇතිරූ අසුන් වල අසුන් ගනිති.



  • දානය පිළිගැන්වීම


නිවැසියන් විසින් මුලින්ම පූජා වට්ටියක් සකස් කර එය උස අසුනක තබා තිබේ. මේ අසුන තුල බුදුන්ගේත්, පත්තිනි දේවියගේත්, කතරගම දෙවියන්ගේත් රූප තබා තිබේ. මෙහිදී මුලින්ම බුදුන් වහන්සේට සහ දෙවියන් වහන්සේට දානය පුජ කරනු ඇත.මේ අවස්ථාවේදී කැපී පෙනෙන්නේ සෑම විටම යොදා ගනු ලබන ද්‍රව්‍ය හා පුද්ගලයන් සංඛ්‍යාව හතක් වීමයි. කිරි මව්වරුන් හත් දෙනෙකි. පළතුරු වර්ග හතකි. කිරිබත්, කිරි කෑලි,කැවුම්,කෙසෙල්,පහන් හත බැඟින් දානය සඳහා යොදා ගනී. මෙයින් සංකේතවත් කරන්නේ පත්තිනි දේවිය මෙලොව සත් වාරයක් ඉපදුණු බවට විශ්වාසයක් පවතින අතර දානය සඳහා සහභාගී වන කිරි අම්මාවරුන් සත් දෙනා එම අවස්ථාවේදී සත් පත්තිනි නියෝජනය කරන බව පිළිගැනේ. එම අවස්ථාව නිරූපණය කිරීමට මෙලෙස කරනු ලබයි.



  • තෙරුවන් නැමදීම


මෙහිදී පන්සිල් සමාදන් වී බුඳුන්,දහම්, සඟුන් වැදීමේ ගාථා කියන අතර කරණිය මෙත්ත සුත‍්‍රය ගායනා කර නිහඬව භාවනායෝගීව සිටි.


  • දානය පිරිනැමීමේ අරමුණ ප‍්‍රකාශ කිරීම හා බාරයෙන් නිදහස් වීම.
  • කිරි ඉතිරිවීම හා පත්තිනි දේව කන්නලව්ව ප‍්‍රකාශ කිරීම
  • දොළොස් මහේ දොස් හැරීම
  • නැවත තෙරුවන් සිහි කිරීම හා දෙවියන්ට පින් පැමිණවීම
  • ආහාර ඉඳුල් කිරීම
  • හිසතෙල් ගැලවීම හා සෙත් වැඩිම





  • කිරි අම්මාවරුන් නිවසින් නික්ම යාම



        දකුණු පළාතේ සමහර ප‍්‍රදේශ වල නිවසට පැමිණීමට පෙර නිවසේ ඉදිරිපස හොඳින් පුරවන ලද වතුර කලයක් තැබීම ඔවුන්ගේ චාරිත‍්‍රයකි. දානයේ කටයුතු නිම කර පිටව යාමට පෙර සියළු වස් දොස් නිවාරණය කිරීමේ අරමුණින් වතුර කලය මුණින් අතට පෙරලා එහි තිබූ ජලය ගෙමිඳුල පුරා යාමට සලස්වා නිවස දෙස නොබලාම පිටව යයි. මෙමඟින් පත්තිනි පඬිපුර ගිනි නිවීම සංකේත වත් කළා විය හැක(විදානපතිරණ,2005).



  1. නිවැසියන් කිරි අම්මාවරුන්ගේ දානය භුක්ති විදීම හා අසල්වැසියන්ට දානය බෙදා දීම.
  2. කිරි මව්වරුන්ගේ දානය අවසන් කිරීම.


පත්තිනි ඇදහිල්ලේ දී කිරි අම්මාවරු ගෙදරින් පිටව යන විට මෙසේ සෙත් පතා යයි.

කිරි අම්මාවරු වඩිනා වේලේ
මල් වරුසාවක් වැස්සයි දෑලේ
ඒ මල් අවුලා අමුණන මාලේ
කිරි අම්මා කල ලෙඩ නැත බාලේ

                          මෙම කිරි මව්වරුන්ගේ දානය පින් කමක් මෙන්ම ඉමහත් භක්තියෙන් කරනු ලබන කටයුත්තකි.  උදාර මාතෘත්වය කෙරේ ඇති භක්තිය මොනවට පිළිබිඹු කරවන්නකි.  මෙම කිරිදානයක් නොදුන් නිවසක් සොයා ගැනීමට නොහැකි තරම්ය.  නමුත් මෙම සිරිත් විරිත් පළාත අනුව සුඵ සුඵ වෙනස්කම් වලට භාජනය වේ. ඇතැම් අයගේ මතය අනුව කිරිමව්වරුන් 7 දෙනෙකුට වඩා එක අවස්ථාවක වාඩි කරවන්නේ නැත.  එසේම එලෙස වාඩිවන කිරිමවුවරු අප අත්තම්මා යනුවෙන් හදුන්වන පරම්පරාවේ අය පමණක් වාඩි කරවන පළාත්ද වෙති. ඇතැම් කොටසක් දෙවර්ගයේම දරුවන් සිටින කාන්තාවන් පමණක් මේ සදහා තෝරා ගනිති. ඇතැම් පෙදෙස් වල කිරි දෙන අම්මාවරුන්ම සොයා යයි.  දරුවන් නොලැබු කාන්තාවන් කිසිසේත්ම කිරි දානයකට වඩම්මවන්නේ නැත.  සැමියා මල කාන්තාවන් නොගන්නා පළාත්ද අප රටේ වෙයි.  සත්‍ය සත්‍යතාවය කෙසේ වෙතත් මෙය ඉමහත් භක්තියෙන් යුතුව කරනු ලබල කාර්යයකි.  ඉතාමත් පිරිසිදුවට පිලිවෙලට ආහාර පිළිවෙල කරනු ලබන අතර අනවශ්‍ය කතාබහෙන් වැලකී සිටීමට හැමදෙනාම ප‍්‍රවේසම් වෙති.  කොතැන කොයි අන්දමින් සිදු වුවද උත්තරීතර මාතෘත්වය උදෙසා පිදෙන උපහාරයක් ලෙස කිරි අම්මාවරුන්ගේ දානය හැදින්විය හැකිය (සිතිවිලි-පුංචි කතන්දර,2011).

                                                ජාතික සංස්කෘතියෙහි හා සංවිධානාත්මක සංස්කෘතීන් අතර ඇතිවන අන්තර් ක‍්‍රියාකාරිත්වයන් පිලිබඳ ගියර්ට් හොෆ්ස්ටඞ් හඳුන්වා දිය හැක. මෙහිදී කාලයත් සමඟ සිඳුවන සංස්කෘතික වෙනස්වීම හා ජාතික හා ප‍්‍රාදේශීය සංස්කෘතික  කණ්ඩායම් වල ක‍්‍රියාකාරිත්වය හේතු කොට ගෙන මානව, සමාජ සංවිධාන වල ඇතිවන චර්යාත්මක වෙනස් වීම් පිලිබඳ ඔහු අදහස් පල කර ඇත. මෙහිදී කිරි අම්මාවරුන්ගේ දානයේදී සිඳුවන්නේ ද කාලයත් සමඟ විවිධ වෙනස්කම් සේම ප‍්‍රාදේශීය වශයෙන්ද වෙනස් කම් ඇති වීමයි. කාලයත් සමඟ දානයේ වැඩ කටයුතු විවිධ අයුරින් වෙනස් වී ඇත. එමෙන්ම මෙහි එන චාරිත‍්‍ර විධි පවා ප‍්‍රාදේශීය වශයෙන් වෙනස්කම් දක්වයි. කිරි අම්මාවරුන් තෝරාගන්නා ආකාරය අනුවද විවිධ වෙනස්කම් ඇත. සමහර පලාත්වල දරුවන් හදා වඩා ගත් වයසක කාන්තාවන් විසින් එය සිඳුකරන විට මාතර ප‍්‍රදේශයේදී කිරි දරුවන් සිටින කාන්තාවන් ඒ සඳහා යොදා ගනී. 
  
              එමෙන්ම දෙවියන්ට භාර වන ආකාරයේද විවිධ වෙනස්කම් පවතී. මෙලෙස ප‍්‍රාදේශීය වශයෙන් සේම කාලයත් සමඟ විවිධ වෙනස්කම් දක්නට ලැබේ. කාලයත් සමඟ දානය පැවැත්වෙන ආකාරයේ වෙනස්කම් ඇතිව තිබේ. දානයේ අරමුණු පවා කාලයත් සමග වෙනස් කම් වලට භාජනය වී ඇත. අලූතින් නිවසක් පදිංචි විමේදීද මෙවැනි දානයක් සංවිධානය කිරීම සමහර පළාත් වල දැකගත හැකිය.


             කිරි අම්මාවරුන්ගේ දානයේ සමාජ සංස්කෘතික වැදගත්කම:

                                  කිරි අම්මාවරුන්ගේ ඇදහීම වැද්දන්ගේ යක් දෙවියන් ඇදහීමක් සමඟ ආරම්භ පූජා කර්මයකි. වැදි ජනයාගේ නිජබිම වූ ඌව පළාතේ කිරි අම්මා දේවතාවියක ලෙස ගරු බුහුමන් පැවැත්වීමක් ඒ ආශ‍්‍රිත පුද පිළිවෙත් කිරීමත් දක්නට ලැබේ. පත්තිනි දේවතාවිය මුලික කරගත් වන්දනයක් ලෙස විදේශීය සම්භවයක් සහිත පූජා කර්මයක් ලෙස සැලකුවද සැබවින්ම කිරි අම්මා අපට ආවේණික වූ විශ්වාස පද්ධතියක් තුළින් දේශීය සමාජ ව්‍යුහයක අනුරූපව හැඩගසා ගත්තකි.

                           කිරි අම්මාවරුන්ගේ දානය තුළ කොතරම් දුරට ජනාගමයේ එන යම් යම් සංකල්ප හා යාතුකර්ම ගැබ්ව පවතීද? යන්න සොයා බැලීමේදී කිරි අම්මාවරු දානය සඳහා නිවසට පැමිණීමේ සිට පිටවීම දක්වා කෙරෙන පුද පිළිවෙත් වල ව්‍යුහීය වශයෙන් මේ ලක්ෂණ පවතී. කිරි අම්මාවරු නිවසට ඇතුළු වීමට පෙර කහ සහ දෙහි මිශ‍්‍ර ජලයෙන් සෝදනු ලබයි. කෙනෙකුගේ පා සෝදා ගැනීම එක් අතකින් නිවසට පැමිණෙන ආගන්තුකයා පිළිගනු ලබන ගෞරවනීය ආකාරයකි. මෙය සිංහල චාරිත‍්‍ර අංග ප‍්‍රකට කරන අවස්ථාවක් මෙන්ම කාන්තාවක් විසින් තවත් කාන්තාවන් පිරිසක් ගෞරවයෙන් හා සුහඳව පිළිගැනීමට ලැබෙන සුවිශේෂ  අවස්ථාවකි.

මෙම කටයුත්ත කපුටන් හඬලන්නට පෙර මෙම දානයේ කටයුතු අවසන් කල යුතුය. අලූයම 4 ට පමණ මෙම කටයුත්ත ආරම්භ කරන අතර පැරණි සමාජයේ මං මාවත් වල වර්තමානයේ මෙන් තාර දමා නැත. නියරවල්,පටු මාවත් වල එන කිරි අම්මාවරුන්ගේ දෙපා අපිරිසිඳු වී ඇති බැවින් මෙලෙස පිරිසිඳු කරනු ලබයි.
                      
            කිරි අම්මාවරුන්ගේ දානයේ ඇති සංස්කෘතික වැදගත්කම වන්නේ පත්තිනි දේවිය සම්බන්ධ පුරාවෘත්තය මෙරට ගැලපෙන යාතුකර්ම හා සංකේත අනුසාරයෙන් මෙමගින් ප‍්‍රකට වේ. කිරි, ගින්දර වැනි දෑ සංකේත වශයෙන් එම සංස්කෘතික මතාන්තර පෙන්නුම් කරන බව පෙනේ. කිරි ඉතිර වීම, ගින්නට ඉතා භක්තියෙන් යුතුව සැලකීම, ආදියෙන් සෞභාග්‍යය වාසනාව උදා කරගැනීම සිඳුවේ.

    කිරි සංකල්පය වැදි ජන සමාජය තුලත් බෙහෙවින් වැදගත් කොට සලකන්නක් වන අතරම ඉන්දියානු සමාජය තුළද බෙහෙවින් වැදගත් කමක් හිමි කර ගත්තකි. මේ අනුව කිරි සංකල්පයත් ගිනි සංකල්පයත් එම සංස්කෘති දෙක තුළින්ම ලාංකීය ජන සංස්කෘතිය කරා පැවත එන්නක් වන බව දැක්විය හැක. වැදි ජන සමාජය තුළ ගින්දර ඉදිරියේ නැටීම ආදිය සිඳුකරන අතර ඉන්දියාව තුළද ගිනි පෑගීම, ගින්නට පැනීම සිඳුවේ. චාරිත‍්‍ර වශයෙන් සිඳුවන මේ දේවල් ඔවුන්ගේ සංස්කෘතික කොටස් ලෙස ගත හැකිය. එම කොටස් අපේ සංස්කෘතිය තුළද අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන අයුරු මෙම කිරි අම්මාවරුන්ගේ දානය තුළින් හොදින්ම දැකගත හැකිය.
            කිරි ඉතිරවීම සඳහා උපයෝගී කර ගන්නා කිරි ජන සමාජය තුළ සැලකිල්ලට බඳුන් වන්නේ අතිශය පවිත‍්‍ර වූ දෙයක් ලෙසය. එබැවින් කිරි ඉතිරවීමේ චාරිත‍්‍රය තුළින් පත්තිනි දේව ඇදහිල්ල ආශ‍්‍රිත පැරණි සිරිත් අනුගමනය කිරීමේ ස්වරූපය මෙන්ම සෞභාග්‍යය වාසනාව උදා කර ගැනීම කිරි අම්මාවරුන්ගේ දානයේදී අපේක්ෂා කරන බව පැහැදිලිය.

             කිරි අම්මාවරුන්ගේ දානයේදී ආරම්භ කරන අවස්ථාවේ සිට කිල්ල යන සංකල්පයට වැදගත් තැනක් හිමි වේ. කිලි වලින් තොරව ඉතාමත් පිරිසිඳු අන්දමින් මෙය සිඳු කරයි. කිරි අම්මාවරුන්ගේ දානයේදී  කිල්ල යොදා ගන්නේ පාරිශුද්ධිය, නිරෝගී බව, හා සමාජ යහ පැවැත්ම මූලික කර ගෙනය.
                                      
          පත්තිනි දේවියගේ කාය ශක්තිය, පෞර්ෂත්වය හා මනුෂ්‍යත්වය, ඉක්මවූ ගුණාංග පඬිපුර ගිනි ගැන්වීම, ගිනි නිවීම,කිරි ඉතිරවීම, නැවත එම නුවර සමෘද්ධිමත්භාවයට පත් කිරීම ආදිය තුළින් පත්තිනි දේවියගේ ප‍්‍රතිරූපය වඩාත් හොඳින් මැවී ඇත. එබැවින් අධි මානුෂීය ගුණාංග වලින් හෙබි පත්තිනි දේවියගෙන් පුද්ගලයාට එදිනෙදා මුහුණ පෑමට සිඳුවන සියළුම කරදර,බාධක අපේක්ෂා භංගත්වයෙන් මිදීමට අවශ්‍ය ආධ්‍යාත්මික සන්සුන් බව ලබා දෙන බව ජන සමාජය තුළ විශ්වාසයක් ඇත. මෙහිදී සිඳුකරන දේව කන්නලව්ව අතීතයේ සිටම පැවත එන චාරිත‍්‍රයකි. අදෘශ්‍යමාන දෙවියන්ගේ සිත් ප‍්‍රසාදයට පමුණුවා තම අවශ්‍යතා ඉටු කර ගත හැකි බව එහි විශ්වාසයයි. මෙහිදී  පිරිසිඳුව හා භක්තියෙන් යුතුව සිඳුකරන මෙම ක‍්‍රියාවෙන් පැහැදිලි වන්නේ දෙවියන්ගේ තේජස,ගුණ,කරුණා ගුණයයි. සංකීර්ණ හැගීම් දනවන භාෂා රටාවක්ද යොදා තිබීම වැදගත් වේ.
                
ඉඳුල් කිරීමේ චාරිත‍්‍රය තුළද ගැබ්ව ඇති සංස්කෘතිකමය වටපිටාවක් පෙන්වා දිය හැක. කිරි අම්මාවරුන්ෙ.් දානය පිරිනැමීමේ කටයුතු වල ආරම්භයේ සිටම ඒ සඳහා යොදා ගනු ලබන සියලූ දේම නොඉදුල් ඒවා ලෙස අතිශය පවිත‍්‍රතාවයෙන් යුතු වේ. මෙහිදී කිරිබත් සුභ ලකුණක් ලෙස යොදා ගනු ලබයි. එමෙන්ම එම ආහාර වලින් ශුද්ධ හෙවත් පවිත‍්‍ර යන සංකල්පය ඉස්මතු කරයි.
              
                   මෙම චාරිත‍්‍ර විධි මෙන්ම අනුගමනය කරන ක‍්‍රියා මාර්ග ඔස්සේද එපමණක් නොව යොදාගන්නා ආහාර පාන සෑම දෙයකින්ම ඉස්මතු වන යම් සංකේතාත්මක අර්ථයක් පවතින බවයි ඇමරිකානු මානව විද්‍යාඥයෙකු මෙන්ම මාහාචාර්යවරයකු ලෙස සේවය කරන ක්ලිෆිර්ඞ් ගියට්ස් ෂබඑැරචරුඒබඑසදබ දෙ ජමකඑමරුි නැමැති කෘතිය ඇසුරින් පවසන්නේ සංකේත අනුසාරයෙන් යම් සංස්කෘතියක් හඳුනාගත හැකි ආකාරය පිළිබඳවයි. සංකේත පිළිබඳ ප‍්‍රාමාණිකයකු වන ඔහු සංකේතානුසාරයෙන් සංස්කෘතියක් ගොඩ නැගෙන අයුරු, සන්නිවේදනය කර ගන්නා අයුරු, ජීවිතය පිලිබඳ ආකල්ප ගොඩ නැගෙන අයුරු පිලිබඳ අධ්‍යයනය කර ඇත. සෑම සංස්කෘතියකම පවතින මූලික සංකේත වලින් කියවෙන අර්ථ පවතින අතර කිරි අම්මාවරුන්ගේ දානයට විශේෂිතව ගන්නා විට එහි තිබෙන සෑම දෙයක් තුළින්ම පැහැදිලි වන්නේ යම් සංකේතයක් මෙන්ම එම සංකේතයන් තුළින් විද්‍යමාන වන සංස්කෘතිකමය පැතිකඩක්ද පවත්නා බවයි. කිරි අම්මාවරුන්ගේ දානය දීමට සිඳුකරන මූලික කටයුත්තේ පටන් විවිධ සංකේත පවතින අතර ඒවා තුලින් විවිධ කරුණු කියවේ. අන්තර් සංස්කෘතිය පිලිබඳ ඔහු දක්වා තිබෙන කරුණු මෙම ශාන්ති කර්මය තුළද ඒ අයුරින්ම පවතින ආකාරය දැකගත හැකිය.

                   වැදි ජනයාගේ මළවුන් ඇදහීමේ චාරිත‍්‍රය ආශ‍්‍රයෙන් මෙම ශාන්ති කර්මයේ ප‍්‍රභවය සිඳුවූ බව සඳහන් වුවද එම සංස්කෘතීන් දෙක අතර සේම ඔවුන්ගේ පූජා ක‍්‍රම, චාරිත‍්‍ර එකිනෙකට වෙනස් කම් දරයි. එමෙන්ම පූජාර්ථයන්හි යම් යම් සමාන කම් දැක ගත හැකිය. 

වැදි ජනයා


  • අභිචාර විධි පුරුෂ පක්ෂය විසින් මෙහෙයවනු ලබයි. 
  • යක්ෂ යාග ක‍්‍රමයට අයත්ය.
  • මස් මාංශ ලේ ගොටු කිළි සහිත ආහාර අනිවාර්ය වේ.
  • වරුවක් හෝ එක දිනක් පුරා පැවැත්වේ
  • දවුල ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩය වේ.
  • එළිමහනේ භූමියක පැවැත්වේ. 
පූජාර්ථ වන්නේ ලෙඩ රෝග සුව කර ගැනීම, ගර්භනී මාතාවන්ට සෙත් කිරීම පිණිස, කුඩා දරුවන්ගේ ආරක්ෂාව සඳහා,බඹර පැණි ලබා ගැනීම සඳහා, දඩයම සාර්ථක කර ගැනීමට.


සිංහල ජනයා



  • ස්ත‍්‍රීන් හත් දෙනෙක් විසින් එම චාරිත‍්‍ර සිඳුකරයි. 
  • පත්තිනි දේවිය වෙනුවෙන් දේව අභිචාර පවතී. 
  • කිසිඳු කිළිටක් නොවිය යුතුය.
  • පැය දෙක තුනකට සීමා වේ
  • කිසිඳු වාදනයක් නැත.
  • ගෘහයේ අභ්‍යන්තර ස්ථානයක පැවැත්වේ.
බෝවන රෝග වලින් වැලකීම, ගර්භනී මාතාවන්ට සෙත් කිරීම පිණිස, කුඩා දරුවන්ගේ ආරක්ෂාව සඳහා, විවිධ කරදර විපත් ඇතිවූ කල්හි, සශ‍්‍රිකත්වය ලඟා කර ගැනීමට.
              අද වන විට සිංහල ජනයා තුළ ද යක්ෂ යාගකරණය ඇතිව තිබේ.පහන් නිවා දැමීම, ජලය සහිත මුට්ටිය පෙරලීම, නිවස දෙස නොබලා නිහඬව පිටවීම, ඇතැම් ප‍්‍රදේශ වල දානය සඳහා හත් මාළුව සෑදීම.කිරි අම්මාවරුන්ගේ චාරිත‍්‍රයන්,උපත යනාදිය කරුණු අතින් වෙනස්කම් පැවතියද පූජාර්ථ වශයෙන් සලකා බලන විට තත් සාම්ප‍්‍රදායන්හි කිසියම් සමාන බවක් පවතී. පත්තනිට මූලිකත්වය දෙමින් සිඳුකෙරෙන මෙබඳු චාරිත‍්‍රයක් වැදි ජනයා ජනයා අතර නැත (විදානපතිරණ,2005).
                                                                                                                                                                                                                   විශ්වාසය මුල් කර ගත් පුජෝපහාර තුළින් මිනිසුන් තම අවශ්‍යතා ඉටු කර ගන්නා ආකාරය එමිල් ධූර්කයිම් පෙන්වා දී ඇත. මෙම කිරි අම්මාවරුන්ගේ දානය තුලින් පොදුවේ පාරිශුද්ධිය ඇති කිරීමටත්, සමාජය ප‍්‍රති නිර්මාණය කිරීමටත් මෙන්ම සමාජ සම්බන්දතා වර්ධනයටත් හේතු වේ. යම් යම් වෙනස් කම් තුළ වුවත් අතීතයේදී පිළිගත් විශ්වාස මතවාද අභිචාර විධි චාරිත‍්‍ර වාරිත‍්‍ර වලට මුලිකත්වය දෙමින් ඒවා අනුගමනය කරමින් වර්තමානයේදීත් මෙම කිරි අම්මාවරුන්ගේ දානය පැවැත්වෙනු ඇත. (අමරසේකර,2014:92-112).

















ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා    වන  රබීන්ද්‍රනාත් තාගෝර්...... ඉ න්දියානු අනන්‍යතාවයේ සංකේතය වශයෙන් සැලකෙන රබී...