ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන රබීන්ද්‍රනාත් තාගෝර්......
ඉන්දියානු අනන්‍යතාවයේ සංකේතය වශයෙන් සැලකෙන රබීන්ද්‍රනාත්
තාගෝර් නූතන ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස සැලකෙයි. බෙංගාලි
ජාතිකයකු වන ඔහු බෙංගාලි සාහිත්‍ය හා සංගීතය එහි නූතන යුගයට ඔසවා තැබීමෙහි ලා දායකත්වය
විශේෂයෙන් වැදගත් වේ. ඉන්දියානු කලාවන් නූතනත්වය කරා යොමු කිරීමද ඔහුගෙන් ඉටු වූ
වැදගත් මෙහෙවරකි. සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත ප්‍රථම ආසියාතිකයා වන්නේ
රබීන්ද්‍රනාත් තාගෝර් ය. 1861 වන මැයි මස හත්වැනි දින මොහු මෙලොව උපත ලැබීය.
මොහුගේ පියාණන් වූයේ දේවේන්ද්‍රනාත් තාගෝර් ය. එවක ඉන්දියාවේ ඇති වූ ආගමික, සමාජිය
හා දේශපාලනික ව්‍යාපාරවල පුරෝගාමීහු වූහ. සමාජ ප්‍රගතියට බාධා පමුණුවන ආචීර්ණ
කල්පිත මතවාදවලින් සකස් වුණු සමාජ සංස්ථාවලට එරෙහි වූ ඔහු විදේශීය සිරිත් විරිත්
මඟින් දේශීයත්වය, දේශීය සංස්කෘතිය විනාශ වීමට එරෙහිව කටයුතු කරනු ලැබීය.
පාඨශාලා අධ්‍යාපනයෙන්
ඉවත් වූ ඔහු නිවසේදීම ඉංග්‍රීසි හා සංස්කෘත භාෂා දැනුම ලැබීය. 17 වන වියෙහිදී වැඩි
දුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යාමට සිඳුවිය. එංගලන්ත අධ්‍යාපනයෙන් පසුව සිය රටට
පැමිණි ඔහු භානුසිංහ යන නමින් භක්ති ගීත රචනා කළේය. 1882 ඔහු විසින් රචනා කල සන්ධ්‍යා
සංගීත් නම් කෘතිය ඔහු කවියෙකු ලෙස ප්‍රසිද්ධයට පත් කිරීමට සමත් විය. ඔහුගේ ප්‍රථම
නාට්‍ය වූයේ සොබා දහමේ පළිගැනීමයි. ඔහුගේ කෘති අතුරින් වඩාත් පරිසමාප්ත කෘතිය
වන්නේ මානසී යන කෘතියයි.
රදළ පවුලක කුමාර සම්පත්
ඇතිව වැඩුනද සාමාන්‍ය ජනතාව සමඟ එක් වීමට අවස්ථාව ලැබුණේ පද්මා නම් ගගෙහි නිතරම
ඔරු මඟින් ගමනෙහි යෙදීමට සිඳු වූ නිසාවෙනි. එනිසා අසරණයන්ගේ ජීවිතය ඔහුගේ
සානුකම්පිත දෘෂ්ටියට ලක් විය. යාන්ත්‍රික ඒකාකාරී බවින් මිදී සොබා දහමට ඉතා සමීපව
සරලව දිවි ගෙවීමෙන් ජගත් සෞන්දර්යය හා කලාකාමිත්වය වඩවා ගැනීමටත් ඥාන ගවේෂණයට තෝ
තැන්නක් වූ ශාන්ති නිකේතනය ඔහු විසින් අරඹන ලද්දකි. 1902 කාලය ඔහුගේ ජිවිතයේ ශෝකකූල
කාලයක් විය. මරණ කිහිපයක්ම අත ළඟ සිඳුවිම එයට හේතු විය. නමුදු එය ඔහුගේ ජිවන
දර්ශනය තවත් පුළුල් කිරීමට හේතු විය. ඔහුගේ නිර්මාණ අතර තැපැල් කන්තෝරුව, අඳුරු
කුටියේ රජතුමා යන නාට්‍යයන් දේශමාමකත්වය ඉස්මතු කරන්නක් විය. ඔහු සමාජ ප්‍රශ්න
මෙන්ම පුද්ගල ප්‍රශ්නද තම නිර්මාණ වලට වස්තු විෂය කොට ගත්හ.
“දුටු දෑ බොහෝය මා දෑස
එහෙත් ඒවා වෙහෙසට පත්ව නැත
ඇසූ දෑ බොහෝය මා සවන්
එහෙත් ඒවා තවත් දෑ ඇසීමට
පිපාසයෙන් පෙළෙයි.”




















