Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts
Friday, July 14, 2017
Wednesday, July 12, 2017
Monday, May 29, 2017
වැස්ස......
චුචුරු චුරු චුරු හඬින්
උදේ සිට මහ වැස්ස
මොනවදෝ කියයි මට
සිහින් සුලඟක එතී
“නියන් කල දුරු වෙලා”
වසන්තය ඇරඹිලා”
දේ දුන්න හේදිලා
වැහි බිංදු වැටෙනවා
ගෙම්බන්ගේ බක බකෙත්
අද ඔන්න ඇහෙනවා
නටන්නට සිතෙයි මට
පුංචි දිය කඩිති වල
සිඟිති දරු කැල සෙමෙන්
ඇදෙයි වැහි පීලි වෙත
වැහිලිහිණි හඬ ඇසෙයි
හාත්පස නිරතුරුව
ගස් වැලුත් සිනාසෙයි
සිරි සිසිරි නංවමින්
කූබි රෑනක් හනික
දිව යනවා ගුල් වෙතට
කිචි බිචිය අමතකයි
කුරුළු පැටවුන්ට අද.
-නිමේෂා ගමගේ-
සිදාදියට එන්නට මට
බුද්ධිය උඹ තමයි එදා
පාර කියා දුන්නේ
ගමෙන් උරුම වූ වස්තුව
පොදියක් බැඳ කර තියාන
උඹේ බහට රැවටීලයි සිදාදියට මං ආවේ
ඒ එන කොටගෙන ආ දෙය
වියපැහැදම් කළා මිසක
මෙහිදී අලුතෙන් ඉපයූ
කිසිම දෙයක් නැත්තේ
ඉස බර කළ පුහු නම්බුව
විතරයි මට ඇත්තේ
සිදාදියෙන් ආපසු මගෙ
ගමට යන්න ආසයි මට
ඒත් ගමට යන්නට දැන්
පාර මතක නැත්තේ
ඉතිරිව ඇති සුළු වස්තුව
රැකගෙන ආපසු එන්නට
ඈත ඉඳන් අත වනලා අම්මේ
මට ගමට එන්න පාර කියාපන්නේ
බෝමළුවේ සුදුවැල්ලේ
බෝධිය මුල දණ ගහලා
නිවන් ලබා හිත නිවන්න
අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ
මැණික් ගඟෙන් දිය නාලා
ඇඟපත ගිනියම් දුරලා
කිලිකුණු හෝදා හරින්න
අම්මේ මට ගමට එන්න පාර කියාපන්නේ
වල් බිහි වී ගිය හේනේ
වල් පැල උදුරා දමලා
පැළ ඉනි වැට තර කරලා
අලුතෙන් බිජුවට ඉහලා
රන් අස්වනු නෙලා ගන්න ඈත
ඉදන් අත වනලා
අම්මේ මට ගමට එන්න පාර
කියාපන්නේ
-මහගමසේකර-
Subscribe to:
Posts (Atom)
ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන රබීන්ද්‍රනාත් තාගෝර්...... ඉ න්දියානු අනන්‍යතාවයේ සංකේතය වශයෙන් සැලකෙන රබී...
-
කවුරුවත් නෑ කවුරුවත් නෑ එගොඩට යන්නට-එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම කෝගගගල ඔහෙ තිබුණා ව...
-
ඉන්දියානු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන රබීන්ද්‍රනාත් තාගෝර්...... ඉ න්දියානු අනන්‍යතාවයේ සංකේතය වශයෙන් සැලකෙන රබී...






